ඔබේ පාද වලත් නහර මතුවෙලාද? කකුල් කැතට පේනවද? නහර මතුවීම වළක්වා ගැනීමට හොඳම පිළියම් රැසක්

පාදවල නහර ඉලිප්පීම, නහර විස්ථාරණය වීම මැදි වයසේ බොහෝ දෙනෙකුට මතුවන අපහසු තත්වයක්. වෛද්‍ය විද්‍යාවේ Varicose තත්වයක් හැටියට මෙය හඳුන්වනවා. දවසේ දීර්ඝ වේලාවක් හිඳගෙන හෝ සිටගෙන ගතකරන අයට, අඩි උස පාවහන් නිතර නිතර පළඳින අයට, එසේත් නැතහොත් දෙපාවලට හිර පාවහන් නිරන්තරව පළඳින අයට, ගර්භනී කාන්තාවන්ට දෙපාවල නහර ඉලිප්පීමේ තත්වයන්ට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන බව වාර්තා වනවා. Varicose තත්වයක් ඇති වූ විට දෙපාවල එම ස්ථාන තද දම් පැහැයෙන් හෝ තද නිල් පැහැයෙන් යුක්තව නහර ඉලිප්පී දෙපා අවලස්සනට දිස් වෙනවා. මෙවැනි තත්වයක දී දෙපා නිරාවරණය වන ඇඳුම් ඇඳීම පවා අපහසුයි. කොහොම වුණත් මේ තත්වය පාලනය කර ගන්නට ඕනෑම කෙනෙකුට අපහසු නැහැ. විශේෂයෙන් ම ගර්භනී සමයේ දී කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන Varicose තත්වය ප්‍රසූතියෙන් පසු යථා තත්වයට පත් වෙනවා. එය දිගුකාලීන ව පවතින තත්වයක් නොවෙයි. එහෙත් වයස්ගතවීමත් සමඟ දෙපාවලට දක්වන අවධානය අඩුකරදැමුවොත් මේ තත්වය යටපත් කරගන්නට අපහසුයි. මේ නිසා මුහුණට, ඇඟට දෙන අවධානය දෙපාවලටත් ජීවිත කාලය පුරා ම ලබාදීම අත්‍යවශ්‍යයි. ජීවිත කාලය පුරාවට ම නහර විස්ථාරණය වීම වළක්වා ගන්නට සහ දෙපා අවලස්සනවීම නත...