දිව ඔසුවක් වූ කැරට්යුෂ පානය ගැන ඔබ පුදුම කරවන කරුණු රැසක්

කැරට් කියන්නේ අපි එදිනෙදා භාවිතා කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු එළවළුවක්. ව්‍යංජනයක් ආකාරයට වගේම සලාද , යුෂ සහ තවත් විවිධ ආකාර වලින් අපේ පරිභෝජනය සඳහා කැරට් භාවිතා කරන්නට පුළුවන්. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ දිනපතා කැරට් පානය කරොත් ඔබේ ශරීරයට සිදුවන දේ පිළිබඳවයි කැරට් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මොනවාද ? කාබෝහයිඩ්‍රේට කැරට් යුෂ අවුන්ස 8 ක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 21 ක් අඩංගු වන අතර එය ප්‍රධාන ශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙනවා. මෙයින් අදහස් කරන්නේ පිරිසිදු කැරට් යුෂ අවුන්ස අටක කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 21 අඩංගු වන බවයි. පිරිසිදු කැරට් යුෂ කෝප්පයක් අපගේ දෛනික කාබෝහයිඩ්‍රේට අවශ්‍යතාවයෙන් 8% ක ප්‍රමාණයක් සපයනු ලබනවා. තන්තු කැරට් යුෂ වල තන්තු ග්‍රෑම් 1.8 ක් අඩංගු වන අතර එය සෞඛ්‍ය සම්පන්න බඩවැල් චලනයන් වලට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ජීරණ පද්ධතියකට හේතු වනවා. අමු කැරට් ග්‍රෑම් 100 ක තන්තු ග්‍රෑම් 2.8 ක් අඩංගු වන අතර එය දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 11% කි. විටමින් A පෙනීම, වර්ධනය, සෛල බෙදීම, ප්‍රජනනය සහ ප්‍රතිශක්තිය සඳහා වැදගත් වන පෝෂකයක් ලෙස හැඳින්වෙන විටමින් A කැරට් වල අඩංගු වනවා බීටා කැරොටින් බීටා කැරොට...