පුංචි කරාබු නැටි දෙකකට අපේ ජීවිත වල ලොකු වෙනසක් කරන්න පුලුවන් කියලා දන්නවද ?
කරාබු නැටි අපේ ගෙවල්වල කෑම රසවත් කරන්න පාවිච්චි කරන කුළුබඩුවක් ... ඉතිං ඇත්තටම පුංචි කරාබු නැටි දෙකකට අපේ ජිවිතේ ලොකු වෙනසක් කරන්න පුලුවන් කියලා ඔයාලා හිතනවද ? ඔව්.අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරලා පිළිකා වලක්වා ගන්නත් පුංචි කරාබු නැටි දෙකකට පුලුවන් වෙනවා.ඒවගේම කුළුබඩුවක් විදියට කරාබුනැටි ගෙදර උයන කෑම වලට එකතු කර ගන්න එක මොනතරම් වැදගත්ද කියලා බලන්න පුලුවන්. කරාබුනැටි අපේ ශරීරයට ඉතාම ගුණදායි ස්වාභාවික ඖෂධීය ශාකයක් වෙනවා. සුදුළූනු එක්ක මිශ්‍ර කරලා ජලයේ පොගවල තියන එකෙන් කරබු නැටි තවත් ක්‍රියාශීලී ඖෂධයක් බවට පත් වෙනවා. ඇත්තටම මොනවද නේ කරාබු නැටි කියලා කියන්නේ. ඉන්දුනීසියාවෙන් ආපු ඉතාම සුවද රෝස පාට මලක රේණූ විදියට තමයි කරාබු නැටි තියෙන්නේ. ඒ වගේම ලෝකයේ අද වන විට බහුලවම පාවිච්චි කරන කුළුබඩු අතර කරාබු නැටි මුල් තැනක් ගන්නවා. කරාබු නැටි වලින් අපේ ආහාර වලට රසයක් එකතු කරනවා වගේම ඖෂධීය වටිනාකමකුත් ඒවායේ තියනවා. ඒකට හේතුව තමයි කරාබුනැටි වල තියන විටමින්, ඛණිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක සංඝටක මේ හැම පෝෂ්‍ය පදාර්ථයකින්ම අපේ ශරීරයට විශාල සේවයක් ඉශ්ඨ වීම. දවසකට කරාබු නැටි දෙකක් ආහාරයට ගැනීමෙන් ...

Comments
Post a Comment