කවුරුත් වැඩියේ අහලා නැති වැඩිම පිළිකා නාශක ගුණ හිමි ඖෂධයක් මෙන්න...

 


මේ කියන්න යන්නේ ගොඩක් වටින ඖෂධයක් ගැන කතාවක්.. සමහර විට ඔයා මේ දේවල් ගැන ඒ තරම් දැනගෙන ඉන්න නැතුව ඇති... මෙන්න බලන්නකෝ ඒ කතාව... 

අහු ශාකය අප රටේ වියලි කලාපයේ සුලබව දක්නට ලැබෙන ශාකයකි. නමුත් අන්‍ය කලාපයන්හිද දක්නට ලැබෙන අවස්ථා ඇත. Rubieceae කුළයට අයත් ශාකයකි.සාමාන්‍යයෙන් අඩි 20ක් 30ක් පමණ උසට තරමක් විශාලව ගස වැඩේ..

දිලිසෙන සුළු තරමක් විශාල පත්‍ර පිහිටයි.පෙති 5 ක් 6ක් සහිත සුදු පාට කුඩා මල් හට ගනී. කොලපාට මාංශ ඵලයක් හටගන්නා අතර ඉදුණු පසු කහපාටට හුරුය...

අතීතයේ සිටම වර්ථමානය දක්වාම අප රටේ මිනිසුන් අහු ශාකය ප්‍රයොජනයට ගනු ලබන්නෙ අනවින,කොඩිවින,හදි හූනියම්,ගුප්ත විද්‍යා ආදී මිත්‍යා සංකල්පයන් උදෙසා පමණි...

නමුත් එවැනි ලද බොළඳ ක්‍රියාවන්ට වඩා බොහෝසෙයින් වටිනා ඖෂධීය මෙන්ම ආහාරමය ගුණයක් සහිත ශාකයක් ලෙස අහු ශාකය හැඳින්විය හැකියි...

ඉහත කී හේතු පදනම් කරගෙන අහු ශාකය ශරීරයට විශ ශාකයක් ලෙස සමාජ ගතවී ඇත.. නමුත් එම කතාම සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්...

අප රටේ නැතත් බොහෝ රටවල ජනප්‍රිය පලතුරක් ලෙස අහු ගෙඩි පිලිගැනේ.ඉදුණු අහු හෙඩියෙහි යුශ වලින් නිශ්පාදනය කරන noni juice නම් පානය බොහෝ රටවල ඉතාම ජනප්‍රිය පානයකි.ඊට අමතරව බොහෝ ඖෂධීය ගුණ සහිත ඉතාම වටිනා ශාකයකි අහු..

ගෙඩි වෙදකමේදී පැසවා යාමට පත්‍ර තලා ලබාගන්නා යුශ ආලේප කරනු ලබයි..ගෙඩි වණ සඳහා අහු දළු, රතුළූණු, පොල් කිරෙන් අඹරා වණයේ බැඳීම සුදුසුයි...

තුවාල ගොඩ වීමට සහ ශෝධනයට පත්‍ර තලා සාදාගත් පත්තුව භාවිතා කරයි..

අහු ගැට තම්බාගත් ජලයට ලුණු මිශ්‍රකර කට සේදීමෙන් විදුරුමස් ශක්තිමත් වේ.. අහු ඇට පුලුස්සා ලබාගත් අඟුරු ලුණු සමග මිශ්‍රකර විදුරුමසේ ආලේප කිරීමෙන්ද විදුරුමස් දියවී යාම නැවතී ශක්තිමත් වේ..

ළදරු අතීසාරයට ප්‍රතිකාර කිරීමට අහු දලු මී පැණි සමග මිශ්‍රකර බෙහෙත් පිළියෙල කරනු ලබයි..

මැලේරියා උණට මෙන්ම දරුවන් වැදීමෙන් පසු මවට වැලඳෙන සූතිකා උණට අහු නැටි කශාය ගුණදායකය..

අජීර්ණ ,අක්මා රෝග ,වකුගඩු රෝග,ප්ලීහා රෝග ,රක්තපිත්ත,කැස්ස,ඇදුම,රුධිර වහනය ආදී රෝග රැසකට ඖෂධ පිළියෙල කිරීමට අහු ශාකයේ සියළුම කොටස් යොදාගනී..

ඉතා අධික මිලකට ලබාගත යුතු Erlotinib නම් පිළිකා නාශක බටහිර ඖෂධයටත් වඩා අහු ශාකයට පිළිකා නැසීමේ හැකියාව වැඩි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත..

සිරුරේ ඇති වන වේදනාවන් ට ෂණය සැලසීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ආතරයිටිස් වේදනාවන්ට සුවය, තුවාල සුව කිරීමේ හැකියාව, මස් පිඬු වේදනාවන්ට සහනය, පිළිකාවට, අක්මා රෝග වලට සහ දියවැඩියාවට සහනය අහු ශාකයෙ තවත් ඖෂධීය ගුණ ලෙස කියන්න පුළුවන්..

ප්‍රාථමික පිළිකා සෛල නිෂේධනය කර දේහය ශක්තිමත් කරන, රුධිර පීඩනය පහත හෙලන හා හෘද හානි වැළැක්වීමට අදාළ ප්‍රතිබැක්ටීරියාමය ගුණ දක්වන, සෛල බිත්ති ශක්තිමත් කරන, අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය විධිමත් කරන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන අහු ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ශාකයකි. Morinzhi නම් ස්වභාවික යුෂය අහු ගෙඩි වල තිබෙන අතර එය භාවිතාවෙන් රෝග වළක්වා ගත හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

විශහරණ තෛල නිපදවීමටද අහු ශාක කොටස් යොදාගනී.

මින් පසුවටවත්, පුහු මිත්‍යාවන් පදනම් කරගෙන අහු ශාකය විනාශ කර දැමීමට පෙර එකවරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතන්න..


Countdown Timer

Countdown Timer

30 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...