දියවැඩියාව මට්ටු කරන අපේ රහස් පානය.. මෙය ටික දිනක් සිදුකර රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. ඔබට පුදුම හිතෙයි


 දියවැඩියාව නිහඬ මාරයෙක් කියන්නේ නිකමට නම් නෙමෙයි... 


ඒ ලෙඩේ නිසා දුක්විදින කෙනෙක් එක්ක චුට්ටක් කතා කරලා බැලුවොත් මේ ලෙඩේ දරුණුකම ගැන ඔයාට තේරුම් ගන්න පුළුවන් වේවී... ඉතිං අද අපි කතා කරන්න හිතුවා දියවැඩියාව මට්ටු කරන අපේ රහස් පානයක් ගැන .. අපේ පැරැන්නෝ ඒ අය සතු දැනුමෙන් පැවතගෙන එන මේ වගේ රහස් පානයන් ගැන පැරණි පොත් පත්වල පවා සඪ්හහන් කරලා තියෙනවා... ඉතිං අද කතා කරන්න හදන්නේ ඒවගේ පානයක් ගැනයි...

දියවැඩියාව පාලනය කරන පාන වර්ග කොයිතරම් තිබ්බත් ඒවා හදාගන්න එක ටිකක් දුෂ්කරයි නේ.

හිත රිදෙනවට එහෙම කිව්වට සමහර ඒවා හදාගන්න ඇත්තටම ගොඩක් දුෂ්කරයි.

ඉතින් අපි මේ දේවල් ඇන ඇන හැමදාම කියලා දුන්නත් කාර්යබහුල ජීවන රටාවයි, ඒ ඖෂධ වල හිඟ බවයි හැමදාම ඔයාව අසරණ කරනවා කියලා අපි දන්නවා.

ඒත් අද ඉඳන් එහෙම වෙන්නෙ නෑ.

අපේ කුස්සිය ඇතුලේ හැමදාම දෙපැත්තකට වෙලා හිටිය, කවදාවත් එකට මුණ නොගැසුණු සුපිරිම ඖෂධ දෙකක් එකට එකතු කරලා දියවැඩියාවට ගුණදෙන රසවත් ගුණවත් පානයක් හදන්නයි අද අපි මේ හදන්නේ.

මේක හදාගන්න ගොඩක් දේවල් ඕන වෙන්නෙ නෑ.

නැවුම් කුරුඳු කුඩු ටිකකුයි නැවුම් එළකිරි ටිකකුයි තිබ්බොත් හොඳටම ඇති.

අවශ්‍ය ද්‍රව්‍ය :-

නැවුම් කුරුඳු කුඩු 10g ක් පමණ

නැවුම් එළකිරි හෝ දියර කිරි (fresh milk)

සාදාගන්නා ආකාරය :-

නැවුම් කිරි වීදුරුවකට කුරුඳු 10g ක් පමණ (යෝගට් හැන්දෙන් එකක ප්‍රමාණයක්) එකතුකර සතියට දින තුන හතරක් පානය කරන්න.

මෙය ටික දිනක් සිදුකර රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. ඔබට පුදුම හිතෙයි.

මෙහි වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැක්කේ ඔබ දියවැඩියාව පාලනය කරන ආහාර වට්ටෝරු වලට අනුව කටයුතු කලොත් පමණයි.

එහෙම නොකලොත් මෙම පානයේ සැබෑ ගුණ ඔබට අහිමී වී යාවි.

වැදගත්

කුරුඳු කුඩු සඳහන් කර ඇති ප්‍රමාණයෙන්ම ලබාගන්න. වැඩිපුර භාවිතය සිරුරට අහිතකර ප්‍රතිඵල එක්කල හැකියි ...

උපුටාගැනීමක්
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...