ඖෂධීය ගුණයෙන් අනූන ජම්බු ගැනයි මේ කතාව..


 අපේ නිවැස් ආශිත්ව බහුලව වැවෙන පලතුරක් තමයි ජම්බු කියන්නේ.. මේ රසවත් පලතුර ගැන ඔබත් අසා ඇති.. ඒත් මේ තරම් ගුණදායකයි කියලා නිකමට වත් හිතුවාද..?


රතු ජම්බු මැලේසියාවේ සිට අන්දමන් සහ නිකෝබාර් දූපත් වලට ආවේණික බව සැලකේ.. රතු ජම්බු හා රට ජම්බු විශේෂ තායිලන්තය, කාම්බෝජියාව, ලාඕසය වියට්නාමය සහ තායිවානය ආදී රටවල ජනප්‍රිය.. වැලි ජම්බු මැලේසියාවේ උපත ලද හා ඊට ආවේණික බව සැලකෙන අතර එයඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලද ගිණිකොණදිග ආසියාවේද පැසිපික් දූපත් වලද වගා කරනු ලබන අතර ස්වාභාවිකව ද දක්නට ලැබෙනවා.. පිනි ජම්බු බටහිර මලයාසියාවට ආවේණික බව කියවෙනවා..
එමෙන්ම මෙය ඉන්දීය, මලයාසියා කලාපයට හෝ ගිණිකොණ දිග ආසියාවට අයත් බව සඳහන් වෙනවා..
වාණිජ වශයෙන් ජම්බු ඉතා සීමිතව, මැලේසියාවේ, ඹ්ස්ට්‍රේලියාව, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ වගා කරනු ලබනවා.. තායිවානයේ වාණිජ වගාවන් වඩා දියුණු තත්ත්වයක ඇති බව වාර්තා පෙන්වා දෙනවා..

ජම්බු වර්ග ගැන දැනගන්න ඔබත් කැමතියිද..?

01. රතු ජම්බු

මෙහි පැසුණු ගෙඩි රතු පැහැති දිලිසෙන ඉටිමය මතුපිට පෙනුමක් ඇති ඛෙල් ආකාර හැඩැතිය. අනෙක් ජම්බු විශේෂවලට වඩා සාපේක‍ෂව කුඩාය (10-20 ග්රෑම්). රතු ජම්බු යනු දේශීයව වඩාත් ජනප්‍රිය හා ගෙවතු වල බහුලව දක්නට ලැඛෙන ජම්බු වර්ගයයි. මෙය මිහිරි, ඇඹුල් රසයකින් යුත් පලතුරකි. මෙය වර්ෂ 1550 දී පමණ ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇතැයි සැලකේ.

02. පිනි ජම්බු

පිනි ජම්බු ද අතීතයේ සිටම රතු ජම්බු මෙන්ම දේශීයව සුලභව තිඛෙන ජම්බු විශේෂයකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැඛෙන පිනි ජම්බු විශේෂය පෙයාර්ස් ගෙඩියක හැඩැති, සුදු පාටට හුරු ලා රෝස පැහැති, ප්‍රමාණයෙන් සාමානය රතු ජම්බු වලට වඩා විශාල විශේෂයකි (40-50 ග්රෑම්). පිනි ජම්බු මදය සුදු ස්පොන්ජ් ආකාර ව්‍යුහයකින් යුතු සාමානයෙන් ඇඹුල් රසැති එහෙත් එතරම් රසවත් නොවූ එකකි. මෙහි ජල ප්‍රතිශතය අධිකය. පිනි ජම්බු ශාකය අනෙකුත් ජම්බු විශේෂයන්ට වඩා උස්ව වැඩෙන (5-20 මීටර් පමණ) ශාකයකි. ජන වහරේදි පිනි ජම්බු සඳහා ලොකු ජම්බු ලෙසද භාවිතා කරයි.

පිනි ජම්බු ශාකයේ ද බහුලව මල් හටගන්නා අතර විශේෂයෙන්ම ශාකයේ ප්‍රධාන කඳෙහිද අතු මතද හටගනී. ඉතා දීප්තිමත් තද රෝස පැහැති රේණු රාශියකින් සමන්විත මෙම මල්, ඉතා අලංකාර දර්ශණයක් වේ. මල් පිපෙන කාලයේදී හැලී යන මෙම මල් රේණු පිනි ජම්බු ගස් යට රෝස පැහැති බුමුතුරුණුවක් මෙන් දක්නට ලැබේ.

03. රට ජම්බු

රට ජම්බු (කොළ පැහැති විශේෂයකි)
සාමාන්‍ය රතු ජම්බු වලට වඩා හැඩයෙන් පැහැයෙන් හා ප්‍රමාණයෙන් වෙනස් වූ මෙම ජම්බු වර්ග කිහිපයක් දේශීයව දක්නට ලැබේ. මේ අනුව සුදු, රතු, රෝස, රතු දම් හා කොළ පාට ආදී ආකර්ෂණීය වර්ණයන්ගෙන් ද හැඩයන්ගෙන් ද ග්රෑම් 35-75 පමණ වූ ප්‍රමාණයන්ගෙන් ද සමන්විත වේ.

04. වැලි ජම්බු, සීනි ජම්බු

මේවා ලා කහ පැහැති, සුදු හෝ කහ පැහැයට හුරු රෝස පැහැති ඕවලාකාර හැඩැති ඵල වේ. වැලි ජම්බු ශී්ර්ෂ ලංකාවට ආවේනික ජම්බු විශේෂයක් වශයෙන් සලකනු ලබන අතර, දේශීයව වෙනත් වල් දර්ශද ළදු කැලෑ ආශ්‍රිතව විශේෂයෙන්ම තෙත් කලාපීය ප්‍රදේශ වල දක්නට ලැබේ. පොත පතෙහි සඳහන් වන අන්දමට අතීතයේදී දේශීයව වඩාත් ජනප්‍රිය ජම්බු විශේෂය වී ඇත්තේ වැලි ජම්බු වේ. එහෙත් වර්තමානයේදී එය ගෙවතු වල දක්නයට නොලැඛෙන තරම් වන අතර, රතු ජම්බු එම ස්ථානය ගෙන ඇත. මෙම ජම්බු විශේෂයන්හි මල් ලා කොළ හෝ කොළ පැහැයට හුරු වූ රේණු විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ.
මෙම ජම්බු විශේෂයන්හි ගෙඩි වල පවත්නා පැහැය, ප්‍රමාණය බර හා රස ආදියෙහිත් ගසෙහි පෙනුමත් ආදී ආකර්ෂණීය ගුණාංග නිසා, වර්තමානයෙහි මෙම ජම්බු වර්ග පලතුරක් මෙන්ම භූමි අලංකරණ ශාකයක් ලෙසද තෙත් හා අතරමැදි කලාප වල ගෙවතු බෝගයක් ලෙසත් ජනප්‍රියත්වයට පත්ව ඇත.
මෙම ජම්බු වර්ග 1980 වර්ෂවලදී වෙනත් භූමි අලංකරණ ශාක සමඟ මැලේසියාව හා තායිලන්තය ආදී රට වලින් මෙරටට ගෙන්වා ඇතැයි සැලකේ. රට ජම්බු සඳහා පිනි ජම්බු ලෙසද ව්‍යවහාර කරන අවස්ථා ඇත.

මෙවැනි ප්‍රභේද ගණනාවකින් දැකගන්න ලැබෙන ජම්බු ගැන මේ දේවල් දැනගන්න එක ඔබට වැදගත් වේවි..

උණ හැදෙන්න වගේ ඇගට අමාරු වක් දැනෙනවද, දත් මුල්වලින් ලේ ගලනවද, මුත්‍රා අමාරුවද, අක්මා වේදනාවක් වගේ දැනෙනවද, අර්ශස් තියෙනවද, එහෙනම් මිදුලේ තියෙන ජම්බු ගහේ ජම්බු ගෙඩි බිමට වැටිලා අහක යන්න දෙන්න එපා...

ජම්බු කියන්නේ අපි නොදන්න ලෙඩ රාශියකට වටිනා ඖෂධීය ගුණයෙන් අනූන පලතුරක්..

ඔබ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්නම් ජම්බු කන්න බය නැතුව.. හැම වෛද්‍යවරයකුම ගර්භණී ඔබට ජම්බු ගුණදායක බැව් සහතික කරාවි...

ඇස්වල පෙනීමත් වර්ධනය කරගන්න පුළුවන් ජම්බු කෑවම.. ඒ විතරක් ද දියවැඩියා රෝගින්ට අගනා ඖෂධයක් තමා මේ රතු ජම්බු.. හෘදයට ඉතා හිතකර පලතුරක්... පිලිකා රෝගීන්ටත් ඉතාමත් හොදයි..

කන්න ජම්බු... මානසික ආතතිය නැතිකරගන්නත් පුළුවන්... අස්ථි දිරායාම වලක්වන්න වගේම මතක ශක්තිය වර්ධනය කරගන්නත් මේ බිම වැටිලා අහක යන ජම්බු කෑමෙන් පුළුවන්.
ගුණ අගුණ සසදලා බැලුවොත් මිදිවලට වඩා ජම්බු ගුණදායකයි..

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්