මැස්සන් නිසා කරදරයිද ? මෙන්න සුපිරි විසදුම් ටිකක්
මැස්සන් කියන්නේ පුදුම වදයක්නේ...
පිරිසිදුකමට මුල් තැන දෙන අයට තිබෙන ලොකුම ගැටලුවක් තමයි මැස්සෝ...
ඉතිං මැස්සන් කියන්නේ හරිම කරදරයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.නමුත් රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් මැස්සන් පාලනය සෞඛ්‍යමත් නැහැ.ඉතින් මෙන්න මේ ක්‍රම අනුගමනය කළොත් ඇත්තටම මැසි උවදුර පාලනය කර ගන්නට පුළුවන්.
කුණු ආවරණය කිරීම.
කුණු ඉවත් කිරීම
කොහොඹ කොල දුම ඇල්ලීම
ගම්මිරිස් දියර ඉසීම කුඩු උණු වතුරේ දියකර ස්ප්‍රේ කිරීම.
පැගිරි තෙල් ඉසීම හෝ පහනක් දැල්වීම.
වොඩ්කා සහ කෝමාරිකා වලින්-
කෝමාරිකා පත්‍රයකට වොඩ්කා දමන්න.
එම සාරය කපු රෙද්දකට ගෙන නිවසේ තැනින් තැන තබන්න.
කරාබු නැටි ගැසූ ලෙමන් නිවසේ තැනින් තැන මෙන්ම කෑම මේසය මත තබන්න .
දිලිසෙන දේ එල්ලා තැබීම-වතුර බෑග් ආදිය,පරන සීඩී තැටි,සැමන් ටින් තහඩු...
මැස්සන් විකර්ශක පැලෑටි-දාස් පෙතියා,මින්ට්,ලැවෙන්ඩර්...
බෝතල් උගුලක් -පුනීලයක් ලෙස බෝතලේ කට කපා ඇතුලට හරවන්න .
මැස්සන් වසන ආහාරයක් බෝතලයට දමන්න...

කරාබු නැටි සහ දෙහි
- කරාබුනැටි සැරට මැස්සන් අකමැත්තක් දක්වන අතර කරාබුනැටි සහ දෙහි එකට මිශ්‍ර වූ විට එය තවත් ප්‍රබල වෙනවා.
- දෙහි ගෙඩියක් හෝ කිහිපයක් දෙපළු කර රේණු අතරේ කරාබුනැටි සිර කරන්න. ඒවා මැස්සන් නිතර ගැවසෙන ස්ථාන වල තබන්න.
මැසි නාශක ස්ප්‍රේ
- සේදුම් කාරක දියර මේස හැඳි දෙකක් පෙපරමින්ට් තෙල් ටිකක්, ලෙමන් යුෂ ටිකක්, වතුර කෝප්පයක්, ස්ප්‍රේ බෝතලයක් ගන්න.
- ස්ප්‍රේ බෝතලය ගෙන එයට ජලය සහ සේදුම්කාරක දියර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසුව පෙපරමින්ට් තෙල් සහ ලෙමන් බිංදු එකතු කරන්න. මෙසේ සකස් කර ගත් මිශ්‍රණය සති දෙකකට වරක් ස්ප්‍රේ කරන්න.
මැසි උගුල
- ඇපල් විනාකිරි කෝප්ප දෙකක්, සෝදන දියර මේස හැඳි දෙකක්, බේසමක් හා ආවරණය කිරීම සඳහා පොලිතින් මීට අවශ්‍ය වෙනවා.
- බේසම ගෙන එයට ඇපල් විනාකිරි සහ සෝදන දියර එකතු කර බේසමෙහි කට පොලිතින් වලින් ආවරණය කර මැස්සන්ට ඇතුළු වීම සඳහා සිදුරු විදින්න.
- මෙහි ගඳට ආකර්ෂණය වන මැස්සන් සිදුරු තුලින් ඇතුළු වී එහි ගිලී යනවා.
ලැවැන්ඩර් තෙල් සහ පැඟිරි තෙල්
- මේවාගෙන් සිදු වන්නේ මැස්සන්ගේ සංවේදීතාවයට හානි සිදු කිරීමයි.
- ලැවැන්ඩර් ඔයිල්, ස්පොන්ජ් එකක්, මූඩිය සහිත ජෝගුවක් ගන්න.
- ස්පොන්ජ් එක මතට ලැවැන්ඩර් තෙල් බිංදු කිහිපයක් වක්කර එය ජෝගුව තුලට දමා එහි මූඩිය තදින් වසා පසුදා උදෑසන වන තුරු තබන්න. ඉන් පසුව මැස්සන් සිටින ස්ථානයක් වෙත එය රැගෙන ගොස් මූඩිය විවෘත කර තබන්න.
- පැඟිරි තෙල් වලින් ද මෙය සිදු කළ හැකියි.
- නැතිනම් මේ තෙල් දෙවර්ගයම පීරිසියකට දමා මැස්සන් වැඩි වශයෙන් ගැවසෙන තැන්වල තැබීමත් යෝග්‍ය වෙනවා.
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment