පිළිකාවට එරෙහිව සටන් කරන මෙන්න මේ පලා වර්ගය ඔයාගේ එක කෑම වේලකට එකතු කරගන්න


  වට්ටක්කා යනු කුකර්බිටේසි කුලයට අයත් ශාකයකි. 

Curcubita pepo සහ කියුකබ්ටා මැක්සිමා ලෙස විද්‍යාත්මකව හඳුන්වනු ලබන එය අපේ රටේ ද බහුලව දක්නට ලැබේ.මේවායේ ගෙඩි සහ කොළ මිනිසුන් විසින් රසවත්ව පිස ආහාරයට ගනී.ඇත්ත වශයෙන්ම වට්ටක්කා යනු පෝෂණ ගුණ රැසක් සපිරි රසවත් එළවළුවකි.ඒ වගේම වට්ටක්කා කොළ සහ දලුවල ද ඊට නොදෙවනි ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතව පවතී.

ඇත්ත වශයෙන්ම වට්ටක්කා කොළ වල යකඩ, මැන්ගනීස් ද බහුල වන අතර ඒවා බොහෝ ශාරීරික ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වේ.මීට අමතරව ඒවායේ මැග්නීසියම්, පොස්පරස්,සින්ක්, කැල්සියම්, විටමින් C, විටමින් A සහ B විටමින් ද ඇතුළත් වේ. සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සඳහා ඒවා අත්‍යවශ්‍ය වන අතර ඒවා හදවත් සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ සිට ඔබේ අස්ථි නීරෝගි කිරීම දක්වා ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දේ.

එසේම වට්ටක්කා කොළ ඖෂධීය ගුණ රැසකින් පරිපූර්ණය.ඒවා භාවිතයෙන් සුව කර ගත හැකි රෝග රැසකි.මීට අමතරව එතරම් ජනප්‍රිය නොවූවද වට්ටක්කා කොළ වල ද සූප ශාස්ත්‍ර භාවිතයන්ද රැසකි.වට්ටක්කා දළු මැල්ලුම,වට්ටක්කා කොළ තෙම්පරාදුව,වට්ටක්කා කොළ සුප් යනු ඒ අතරින් කිහිපයකි.ඉතින් මේවා ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ රැසකි.අපි අද ඔබට කියන්නේ ඒ පිලිබඳවයි.

1 . හදවතේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි ; වට්ටක්කා කොළ වල ද්‍රාව්‍ය තන්තු විශාල ප්‍රමාණයක් අඩංගු වේ.ද්‍රාව්‍ය තන්තු බහුල වීම කුඩා අන්ත්‍රයේ ඇති කොලෙස්ටරෝල් සහ පිත්තාශයේ අම්ල අවශෝෂණය අඩු කිරීමට උපකාරී වන අතර එමඟින් රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු වේ. එසේම එම තන්තු හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට ද උපකාරී වේ.එපමණක් නොව වට්ටක්කා කොළ වල පොටෑසියම් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා හෘද රෝග ඇති වීමේ අවදානම අවම කර අංශභාගය ඇතිවීමේ අවදානම අඩු කිරීමට ද උපකාරී වේ.

2. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි ; වට්ටක්කා කොළ වල බහුලව දක්නට ලැබෙන යකඩ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මේ අනුව ශරීරයට විවිධ රෝග හා ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වට්ටක්කා කොළ අනුභවයෙන් ලබා ගන්න පුලුවන්.

3. ඔබේ සම මෘදු කරයි ; වට්ටක්කා කොළ වල විටමින් A අඩංගු වන අතර එය ඔබේ සමට හානි විය හැකි විෂ වලින් ශරීරය නිදහස්ව තබා ගැනීමට උපකාරී වේ. එය තෙතමනය රඳවා ගැනීම සහතික කරමින් සම මෘදු හා නම්‍යශීලී ලෙස තබා ගැනීමට උපකාරී වන අතර එමඟින් වියලි බව දුරු කර,විවිධ සමේ රෝග ඇති වීමේ අවදානම අවම කිරීමට ද උපකාරී වේ.

4. පිළිකාවට එරෙහිව සටන් කරයි; වට්ටක්කා කොළ තන්තු වලින් පොහොසත් ය.අධ්‍යන වලින් හෙළි වී තිබෙන්නේ තන්තු පරිභෝජනය වැඩි වීම සහ මහා බඩවැලේ පිළිකා අඩුවීම අතර සම්බන්ධයක් ඇති බවයි. එයට හේතුව විටමින්, ඛනිජ ලවණ, ෆයිටෝ රසායනික ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය මේද අම්ල වැනි කෙඳි බහුල ආහාර වල අඩංගු තන්තු හා පෝෂ්‍ය පදාර්ථ ය.

5. රූමැටොයිඩ් හා ආතරයිටිස් රෝග ලක්‍ෂණ අඩු කරයි ; වට්ටක්කා කොළ විටමින් B 6 හි වලින් සමන්විත වන අතර එය රූමැටොයිඩ් ආතරයිටිස් රෝග ලක්‍ෂණ සමනය කිරීමට සහාය වේ.එපමණක් නොව විටමින් B 6 බහුල ආහාර වේදනාව අඩු කිරීමට උපකාරී වන අතර ආතරයිටිස් නිසා ඇති වන මාංශ පේශි සහ සන්ධි වල වේදනාව පාලනය කිරීම සඳහා ද සහාය වේ.

6. අපේ අස්ථි ශක්තිමත් කරයි ; වට්ටක්කා කොළ වල අපේ ශරීරයේ අස්ථි හා දත් සඳහා අත්‍යවශ්‍ය කැල්සියම් සහ පොස්පරස් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. අස්ථි ශක්තිමත් වීම, නිසි වර්ධනයක් සහ හොඳ දත් වර්ධනයක් තහවුරු කිරීම සඳහා වට්ටක්කා කොළ ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

7. මලබද්ධය සමනය කරයි ; වට්ටක්කා කොළ තන්තු වලින් පොහොසත් වන අතර එමඟින් මළපහ සඳහා වැඩි ප්‍රමාණයක් එකතු කිරීමට උපකාරී වන අතර එමඟින් බඩවැල් චලනය පහසු කරයි.එහි අඩංගු දිය නොවන තන්තු මෙය හොඳින් කරයි.එබැවින් වට්ටක්කා කොළ ආහාරයට ගැනීමෙන් ඔබට මළ බද්ධය ද සමනය කර ගත හැකිය.

8. දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ ; දත් හා විදුරුමස් වල නීරෝගී සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා පොස්පරස් වැදගත් වේ.එසේම වට්ටක්කා කොළ වල කැල්සියම්, විටමින් D සහ පොස්පරස් අඩංගු වන අතර ඒවා දත් එනමලය, හකු අස්ථි ඛනිජ ඝනත්වය සහ දත් වල නීරෝගි බව ආරක්ෂා කර ගනිමින් දන්ත සෞඛ්‍යය ගොඩනැගීම හා නඩත්තු කිරීම සඳහා උපකාරී වේ.

වට්ටක්කා දලු මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා දලු
රතු ළූනු
පොල් අවශ්‍ය පමණ
කහ කුඩු ස්වල්පයක්
ලුණු රස අනුව
උම්බලකඩ ( කැමතිනම් )
අමු මිරිස් කරලක්
සාදන ක්‍රමය
මුලින්ම වට්ටක්කා දලු ටික ගෙන හොඳින් සුද්ද කර එහි බූව කොටස ගැලවෙන ලෙස වටේ පොත්ත ගලවා ඉවත්කර ගන්න.
දැන් මේවා හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.
මීළඟට මෙම වට්ටක්කා දළු සිහින්ව ලියා ගන්න.
දැන් ලියා ගත් වට්ටක්කා දලු වලට, පොල්, කහ, ලුණු,සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල, රතු ළූණු හා උම්බලකඩ දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
දැන් මෙම මිශ්‍රණය ගින්දර වැඩි කර ඉක්මනින් මලවාගන්න.
දැන් එය හොඳින් මැලවුණු පසු (කොළපාට ගතිය හොදට තියෙන ලෙසට) ලිපෙන් බා ගන්න.
දැන් ඔබේ රසවත් වට්ටක්කා දළු මැල්ලුම භුක්ති විඳින්න.



Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...