උදේ පාන්දරම උණුවතුර කෝප්පයක් බීලා බලන්නකෝ සිදුවන දේ ඔයාව පුදුම කරයි...


 වතුර කියන්නේ අපේ ජීවිතේට අත්‍යාවශ්‍යම දෙයකට... 


වතුර නොමැතිව ජිවිතේ ගෙනියන්න බැහැනේ... ඉතිං අද කතා කරන්නේ වතුර ගැන... හැබැයි මේ කතාව උණුවතුරවල විශ්මිත බලය ගැන...

ශරීරයේ පැවත්මට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් ලෙස වතුර දැක්විය හැකියි.ආහාර නැතිව සිටියත් වතුර නොමැතිව ශරීරය පවත්වා ගැනීම ඉතාම අපහසු කාරණයක්.

වතුර ශරීරයට අවශ්‍යයි වගේම වතුරෙහි උෂ්ණත්වය තීරණය කිරීමද අවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙනවා.

පරික්ෂවරුන් අතර පැවති විශාල ගැටළුවක් ලෙස ශරීරයට හිතකර වන්නේ උණු ජලයද සිසිල් ජලයද යන්න දැක්විය හැකියි. නමුත් ප්‍රතිපලයන්ට අනුව උදැසන හිස්බඩ උණු ජලය පානය කිරීම මගින් සිසිල් ජලය පානය කලාට වඩා විශ්මිත ප්‍රතිලාබ ලබාගත හැකි බව අනාවරණය වී ඇත.

වේදනාවට සහනය ලබාදෙයි

උණු වතුර එක කෝප්පයක් මගින් හිසරදය හා වෙනත් ඕනෑම වේදනාවකට සහනය ලබාදෙයි. උණු වතුර මගින් ශරීරයේ අන්තර්ගත මාංශ පේශීන් සැහැල්ලු කර මානසික ආතතිය නැතිකර මානසික සෞඛ්‍ය වර්ධනය කරයි.

රුධිර සංසරණය වර්ධනය කරයි

උදෑසන උණු වතුර කෝප්පයක් පානය කිරීම මගින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි.

වයස්ගත් පෙනුම නැතිකර තරුණ පෙනුමක් ලබාදෙයි

අකලට වයස්ගත පෙනුමක් ලබාදෙනුයේ ශරීරයේ අන්තර්ගත මුක්තඛන්ඩ සහ විස ද්‍රව්‍ය මගින් සෛල වලට හානි පැමිණවීම නිසාවෙනි.

උණු වතුර පානය කිරීම මගින් ශරීරයේ අන්තර්ගත විස ඉවත් කර මේදය කැටි වීම වළකාලමින් නිරෝගී ශරීරයක් ලබාදෙයි.

උණු වතුර මගින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතරම සම නිරෝගී කර ප්‍රත්‍යස්ථ බව වර්ධනය කරයි.

ශරීරයේ බර සමබර කරයි

සිසිල් ජලය මගින් ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කර හදවතේ වේගය අඩු කරන අතරම උණු ජලය මගින් හදවතේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර ශරීර ශක්තිය වර්ධනය කරන අතරම මේදය දහනය කිරීම සිදු කරන නිසාවෙන් ශරීරයේ බරද අඩු කරගැනීමට උපකාරී වේ.

ඒ වගේම උණු වතුර පානය කිරීමේ තවත් ප්‍රතිලාබයන් ලෙස වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම වගේම ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමද දැක්විය හැකියි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Countdown Timer

Countdown Timer

30 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...