නීරෝගී ඝනකම් කෙස් කළඹක් ඔබට ලබාදෙන තෙල් වර්ග


 ඝනකම් නීරෝගී කොණ්ඩයක් කියන්නේ ගැහැනු ළමයින්ගේ සිහිනයක්. නීරෝගි කෙස් වැටියක් ලබා ගන්න කරන්න පුලුවන් සත්කාර කිහිපයක් අපි මීට පෙර ඔබ එක්ක බෙදා ගත්තා මතක ඇති. මේ ලිපියෙන් කියන්නේ ඔබට නීරෝගි කෙස් වැටියක් ලබා ගන්න පාවිච්චි කරන්න පුලුවන් තෙල් වර්ග කිහිපයක් ගැනයි.කොණ්ඩයට හොඳින් තෙල් දැමීම, රාත්‍රියක් පුරා තෙල් ගල්වා තැබීම වගේ දේවල් ඔබේ අම්මා, අත්තම්මා කළා මතක ඇති නේද? එය බොරු වැඩක් නම් නෙවෙයි.හොඳ නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න ඉතා හොඳින් උදව් වෙන දෙයක්.

ඉතින් මේ කියන්නේ කොණ්ඩයට ඉතා ගුණදායක තෙල් වර්ග කිහිපයක් ගැන.

පොල්තෙල්

පොල් තෙල් ඇත්තටම අපට නුපුරුදු තෙල් වර්ගයක් නෙවෙයි. හිස් කබලට සහ කෙස් වැටියට පොල් තෙල් වලින් වාසි රැසක් අත් වෙනවා. කොණ්ඩයේ පෝෂනයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් , විටමින් සහ ඛනිජ වර්ග පොල්තෙල් වල අඩංගුයි.

  • කොණ්ඩය නිරෝගී කිරීම
  • මෘදු සහ අලංකාර කිරීම
  • කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කිරීම
  • හිස් කබල නීරෝගී කිරීම

පොල් තෙල් වලින් ඉටු වෙනවා.

පොල්තෙල් හිස ගල්වන විට මඳක් රත් කර නිවෙන්නට හැර ආලේප කිරීම ඉතා සුදුසුයි. රත් කිරීමේ දී කරපිංචා කොළ යෙදීම ද වැඩි ප්‍රතිඵල ලබා දෙන්නක්.

Argan oil


කොන්ඩය වර්ණ ගන්වා ඇති, රීබොන්ඩින් කළ ඔබේ කොණ්ඩයේ සිදු වී ඇති හානි වලට ආගන් ඔයිල් ඉතා අපූරු ප්‍රතිකාරයක්.ඔබට ආගන් ඔයිල් දිනපතා වුවත් කොණ්ඩයට යොදන්නට පුලුවන්.කොණ්ඩයේ මොයිස්චරයිසින් ගතිය ආරක්ෂා කරන්නට ආගන් ඔයිල් වලින් හොඳ පිටුවහලක් ලැබෙනවා.

ජොජොබා ඔයිල්

ජොජොබා ඔයිල් හිස් කබලට වඩා කෙස් වැටියට ගැළපෙන තෙල් වර්ගයක්. කොණ්ඩය පලුදු නොවී තබා ගැනීමට ජොජොබා ඔයිල් වල ඉතා හොඳ මොයිස්චරයිස් ගුණයක් තිබෙනවා. ඒ වගේම හිස්කෙස් වර්ධනයටත් දායක වෙනවා. ජොජොබා ඔයිල් හිසකෙස් වැටීම පාලනය කරන අතර හිසරදයටත් ඉතා ගුණදායක ඔසුවක්.

සතියකට වතාවක් පමණ හිසේ ආලේප කර පැයකින් පමණ සෝදා හරින්න.

ආමන්ඩ් තෙල්

ආමන්ඩ් තෙල් සම සහ හිසකෙස් සඳහා විශිෂ්ට තෙල් වර්ගයක්. ස්වාභාවික විටමින් E එහි ඉහළින්ම අන්තර්ගතයයි. මැග්නීසියම් සමඟ මේද අම්ල, ප්‍රෝටීන සහ ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත්. හිසකෙස් කැඩීම අඩු කරන අතර එය වර්ධනය වීමට උපකාරී වෙනවා.

කොණ්ඩය වැටීම සහ කැඩීම අඩු කර කොණ්ඩයේ මොයිස්චරයිස් ගතිය ආරක්ෂා කරන්න ආමන්ඩ් ඔයිල් වලට හැකියාව තිබෙනවා.

වියළි, ​​හානියට පත් හා අඳුරු හිසකෙස් ඇති අයට සහ ඔ ශරීරයේ ඔමේගා -3 මේද අම්ල නොමැති අයට ආමන්ඩ් ඔයිල් ඉතා ගුණදායකයි.

ආමන්ඩ් තෙල් රාත්‍රියේ හිසේ ආලේප කර පසුදා සාමාන්‍ය ෂැම්පු එකක් භාවිතයෙන් කොණ්ඩය සෝදා හරින්න.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් වලට ඔබේ හිසකෙස්වල කෙරටීන් ආරක්ෂා කිරීමේ හැකියාවක් පවතිනවා.එය ස්වභාවික විටමින් E වලින් පොහොසත්. හිසකෙස් මුල පෝෂණය කිරීම, හිස්කබල පෝෂණය කිරීම සහ කොණ්ඩයේ ඝන බව වැඩි කිරීමට ඔලිව් ඔයිල් ක්‍රියා කරනවා. එහි ඇති ඔලෙයික් අම්ලය නිසා කොණ්ඩයේ මොයිස්චරයිස් ගතිය ආරක්ෂා වෙනවා.

ඔලිව් ඔයිල් කොණ්ඩය නීරෝගී කරන්න වගේම හිසරදයට ද ඉතා ගුණදායකයි.

ඔබේ කොන්ඩය හානියට පත් හෝ කැඩෙන සුළු සිනිඳු කොණ්ඩයක් නම් ඔලිව් ඔයිල් ටිකක් රත් කර හිසේ ආලේප කරන්න. ඉන්පසු උණුසුම් තුවායකින් කොණ්ඩය ඔතාගෙන මිනිත්තු විස්සක් පමණ සිට එය සෝදා හරින්න.

ලැවැන්ඩර් ඔයිල්

ලැවැන්ඩර් ඔයිල් හිසකෙස් වර්ධනයට උපකාරී වෙනවා. හිස්කබලේ මොයිස්චරයිසින් ගතිය ද වර්ධනය කරනවා. ඒ වගේම ආතතිය දුරු කරන්නත් මෙය අපූරු තෙල් වර්ගයක්

වියළි හිස් කබලක් ඇති ඔබටත් හැම වර්ගයටම අයත් හිසකෙස් වලටත් ලැවැන්ඩර් ඔයිල් පාවිච්චි කරන්න පුලුවන්.

ඔලිව් ඔයිල් ටිකක් සමඟ ලැවැන්ඩර් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර හිස්කබලට වැදෙන ලෙස ආලේප කරන්න.ඊට පසු රැයක් තිබෙන්නට හැර සෝදා හරින්න

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්