ශරීරයේ බර අඩු කරන්නට සූදුරු කියන්නේ දිව ඔසුවක්.. ඒ කොහොමද කියලා ඔබත් දැනගන්නකෝ..
අපේ කුස්සියට නැතුවම බැරි මේ කුළුබඩුව මේ තරම් ගුණදායකයි කියලා කවදාවත් ඔබ සිතුවාද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. සුදුරු කියන්නේ අපේ නිවෙස්වල භාවිත වෙන සුලභ කුළු බඩුවක්.. ආහාර රස කිරීම සඳහා භාවිත කරන සුදුරුවල නිජ බිම වන්නේ ඊජිප්තුවයි..
සූදුරු පුරාණ යුගයේ සිටම කුළු බඩුවක් ලෙස භාවිතා කරන අතර පුරාණ ඊජිප්තු වැසියන් මමී කල්තබා ගැනීමේ බෙහෙතක් ලෙස සූදුරු භාවිතා කර තිබෙනවා.. තවද සූදුරු ආදරයේ සහ පතිවෘතතාවයේ සලකුණක් ලෙස භාවිතා කරන අතර එකල මංගල උත්සවයකට සහභාගී වන්නන්ද සූදුරු අහුරක් තම සාක්කුවේ දමා රැගෙන යෑමේ චාරිත්‍රයක් අනුගමනය කර තිබෙනවා..
සූදුරු මගින් ආහාර ජීර්ණ ගැටළු සුවපත් කරන අතර මැග්නීසියම්, සෝඩියම්, යකඩ, විටමින් C සහ ශරීරයට අත්‍යාවශ්‍ය තෙල් වර්ගවලින් පොහොසත් වනවා. අධ්‍යයනයන් මගින් කරුණු පෙන්වා දෙන ආකාරයට සූදුරු මගින් ප්‍රතිශක්තිය වර්ධනයකර ශ්වසන රෝග, රාත්‍රී නින්ද නොයාම, සමේ රෝග, රක්තහීනතාවය වැනි රෝග මර්ධනය කර මතක ශක්තියද වර්ධනය කර, ඔසප් ගැටළු සුවකර ලිංගික ආශාව පවා වර්ධනය කර ගන්නට පුළුවන්..
සූදුරු කුඩු මේස හැන්දක් තුළ අන්තර්ගත වන පෝෂණ ගුණය ගැන ඔබත් දැනගන්න කැමතියිද..?
කොලෙස්ටරෝල් රහිතයි
සීනි රහිතයි
කැලරි 22
මේදය ග්‍රෑම් 1
ද්‍රාව්‍ය තන්තු ග්‍රෑම් 1
ප්‍රෝටීන් ග්‍රෑම් 1
කැල්සියම් මිලිග්‍රෑම් 56
මැග්නීසියම් මිලිග්‍රෑම් 22
පොටෑසියම් මිලිග්‍රෑම් 107
පොස්පරස් මිලිග්‍රෑම් 30
සෝඩියම් මිලිග්‍රෑම් 10
කාබෝහ. ග්‍රෑම් 3
විටමින් C මිලිග්‍රෑම් 5
යකඩ මිලිග්‍රෑම් 4
මැනගනීස් මිලිග්‍රෑම් 2
කොපර් මිලිග්‍රෑම් 1
සින්ක් මිලිග්‍රෑම් 3
විටමින් E මිලිග්‍රෑම් 2
thiamin මිලිග්‍රෑම් 1
නිකොටින් අම්ල මිලිග්‍රෑම් 3
රයිබෝෆ්ලෙවන් මිලිග්‍රෑම් 1
“Complementary Therapies in Clinical Practice” සඟරාවේ පලකරන ලද අධ්‍යයන වාර්තාවක සඳහන් වනවා තරබාරු කාන්තාවන් පිරිසක් එක්කර සූදුරු ආහාරයට ලබාදී ශරීරයේ බර පාලනය කළ බවයි... මෙහිදී මාස තුනක කාලයක් සූදුරු ලබාදීම මගින් තරබාරුභාවය 50% කට වඩා වැඩි ප්‍රමාණයක් අඩුකර ගැනීමට හැකි වූ බව සඳහන් වෙනවා.. මීට අමතරව මෙම කාන්තාවන් හට ශරීරයේ මේදය 14.4% කින් අඩු කර ගැනීමටත් ඉන ප්‍රදේශයේ තැම්පත්ව තිබූ මේදය දහනය කර ගැනීමටත් රුධිරයේ ලිපිඩ ප්‍රමාණය අඩු කර LDL කොලෙස්ටරෝල් මට්ටමද අඩු කර ගැනීමටද හැකිවී තිබෙනවා.. සූදුරු තුල අන්තර්ගත වන ග්ලයිකෝසයිඩ් සැපොනින් නමැති සංයෝගය මගින් කොලෙස්ටරෝල් තැම්පත්වීම පාලනය කර ශරීරයේ පරිවෘතිය ක්‍රියාවලිය වේගවත් කර ශරීරයේ බර අඩු කිරීම සිදු කරනවා..
ජලය වීදුරුවක් ගෙන සූදුරු මේස හැන්දක් එහි ගිල්වා රැයක් පහන් වන තුරු තබන්න.. පසුදා උදෑසන ඔබට සූදුරු පෙඟී ජලය කහ වර්ණයක් බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකි වේවි.. එම ජලයට මීපැණි එක්කර පානය කරන්න.. මෙම පානය මගින් ඔබේ කුස වැඩි වෙලාවක් පුරවන අතර මෙම පානය සමග සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරමින් දිනපතා ව්‍යායාම වල නිරත වනවා නම් ඉක්මණින්ම ඔබේ ශරීරයේ බර අඩු කර ගන්නට පුළුවන්.. සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා මෙම පානය දිනකට තුන් වතාවක් පානය කරන්න.. මෙම පානය මගින් සූදුරු පානය කරනවාට අමතරව සූදුරු කුඩු ඔබ ලබාගන්නා ආහාර සමග එක්කර ආහාරයට ගැනීම මගිනුත් ශරීරයේ බර අඩු කර ගැනීමේ සිහිනය කරා ඉක්මණින්ම ලඟා වන්නට පුළුවන්..
ශරීරයේ බර අඩු කර ගැනීමට සූදුරු භාවිතා කළ හැකි තවත් සාර්ථක ක්‍රමයක් ලෙස සූදුරු ඇට විනාඩි විස්සක කාලයක් තම්බා සූදුරු තේ පානයක් ලෙස පානය කරන්නට පුළුවන්.
ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සහා කරන ඔබත් සාර්ථක මෙන්ම ඵලදායී ස්වභාවික ක්‍රමයක් ලෙස සූදුරු භාවිතා කරන්න...
Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment