දවල්ට දැනෙන මගහරින්න බැරි නිදිමත රෝගයක්ද ?

 

රාත්‍රි කාලයේ සුවදායක නින්දක් ලැබුවත් දිවා කාලයේදී ඔබට අධික ලෙස නිදිමත ගතියක් දැනෙනවා නම් එය සලකා බැලිය යුතු තත්ත්වයක්. ඒ නිසා හේතුවක් නොමැතිව දිවා කාලයේදී අධික ලෙසින් නිදිමත ගතියක් දැනෙනවා නම් ඒ වෙනුවෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර වෙත යොමුවීම ඉතාම වැදගත්.

අධික නිදිමත ඇතිවීමට හේතු මොනවාද?

තයිරොයිඩ් ආබාධ – ඔබේ සිරුරේ තයිරොක්සින් අඩුවීම අධික නිදිමත ඇතිවීමට හේතුවක් විය හැකියි. ඒ බැව් TSH (Thyroid stimulating hormone ) හෝර්මෝන පරීක්ෂණයක් මගින් හඳුනාගැනීමට පුළුවන්.

  • රුධිරයේ සීනි මට්ටම වැඩිවීම.
  • විටමින් ඌනතාවන්

■ විශේෂයෙන් විටමින් B (B6, B 12)
■ විටමින් D
■ විටමින් E
■ යකඩ වැනි පෝෂණ පදාර්ථයන්ගේ අඩුවීම

මානසික අවපීඩනය

සුවදායක නින්දක් වෙනුවෙන් ඔබේ කායික නිරෝගිතාව වගේම මානසික යෝග්‍යතාවත් බලපානවා. බොහෝ විට ඔබේ මානසික සුවතාවයේ යම් යම් ගැටලු නිසා වෙනදා මෙන් සුවදායක නින්දක් ඔබට නොලැබෙනවා විය හැකියි. මානසික ගැටලු නිසා ඔබ රාත්‍රි කාලයේදී සුවදායක නින්දක් නොලද විට දිවා කාලයේදී අධික ලෙස නිදිමත දැනෙන්නට ඉඩ තිබෙනවා.

ඇතැම් ඖෂධ නිසා

සමහර විට ඔබ වෙනත් රෝග තත්ත්වයක් වෙනුවෙන් ලබාගන්නා ඖෂධ නිසා දිවා කාලයේදී අධික නිදිමත ගතියක් ඇතිවීමට හැකියාවක් තිබෙනවා. පහතින් දැක්වෙන රෝග සඳහා ඔබ ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නේ නම් එහි අතුරු තත්ත්වයක් නිසා අධික නිදිමත ගතියක් ඇතිවීමට ඉඩ තිබෙනවා.

  • අධි රුධිර පීඩනය
  • මානසික අවපීඩනය
  • ආසාත්මිකතාවන්
  • ඔක්කාරය සහ වමනය
  • මානසික රෝග
  • අපස්මාරය
  • කාංසාව

මෙවැනි අවස්ථාවන්හිදී ඔබට ඖෂධ නිර්දේශ කරන වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් ඔබට මෙම ඖෂධ පිළිබඳව යම් වෙනසක් සිදුකර ගැනීමට අවස්ථාව තිබෙනවා. මෙම ඖෂධ නිසා දිවා කාලයේදී ඇතිවන අධික නිදිමත නිසා ඔබේ හිතුමතයට ඖෂධ නතර කිරීම කිසිසේත්ම නොකළ යුතු බව තරයේම මතක තබාගන්න.

Sleep apnea

Sleep apnea  යනු රාත්‍රියේදී ඔබේ නින්දට බාධා කරන රෝග තත්ත්වයක්. රාත්‍රියේදී හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනී ඔබ අවදි වෙනු ඇත. රාත්‍රිය මුළුල්ලේ විටින් විට ඇතිවන මෙම තත්ත්වය නිසා දිවා කාලයේදී ඔබට අධික නිදිමත ගතියක් දැනීමට ඉඩ තිබෙනවා.

වෙනත් Sleep apnea තත්ත්වයන්

■ නිදා සිටියදී අධික ලෙස ගෙරවීම.
■ අවදි වූ විට ඇති වෙන උගුරේ අමාරුව සහ හිසරදය.
■ නුරුස්නා බව.
■ ඒ වගේම අධිරුධිර පිඩනය, හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ තරබාරු පුද්ගලයන්ට Sleep apnea  ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. Sleep apnea  නිසා ඔබට ගැඹුරු නින්දක් නොලැබීම නිසාම අධික නිදිමත තත්ත්වයක් ඇතිවීමට පුළුවන්.

Sleep apnea  වර්ග කීපයක් තිබෙනවා

  • බාධාකාරී නින්දේ ඇප්නියා ( OSA) Obstructuve Sleep apnea උගුරේ පිටුපස ඇති පටක ලිහිල් වනවිට මේ තත්ත්වය ඇතිවනවා.
  • මධ්‍යම නින්දේ ඇප්නියාව ( CSA) central Sleep apnea

මොළයේ නිවැරදි ස්නායු සන්නිවේදනයක් සිදුනොවන විට CSA ඇප්නියා තත්ත්වය ඇතිවනවා. මේ තත්ත්වයේදී ඔබ නිදා සිටියත් මොළය විසින් ඔබේ හුස්ම පාලනය කරන මාංශ පේශිවලට සංඥා කිරීමක් සිදුවනවා.

නොසන්සුන් කකුල් සින්ඩ්‍රෝමය ( Reatless leg syndrome (RLS )

ඔබේ කකුල් දෙකම හෝ එකක් පාලනයකින් තොරව ඉබේ චලනය වෙනවා. මෙය කකුල් නලියන හෝ කසන ස්වභාවයක් ලෙස දැනෙනවා. රාත්‍රියේදී සිදුවන මේ තත්ත්වය ඔබට පාලනය කරගැනීම අපහසුයි. ඔබ යහනෙන් නැගිට ඇවිදින විට තත්ත්වය හොඳ අතට හැරෙනවා. RLS නිසා පසු දින ඔබට අධික ලෙසින් නිදිමත දැනෙනු ඇත.

නාර්කොලප්සි ( Narcolepsy)

මොළය විසින් නින්ද අවදි කිරීමේ චක්‍රය නිසි ලෙසින් නියාමනය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිවනවා. මෙය ස්නායු රෝග තත්ත්වයක්.Narcolepsy රෝගයෙන් පෙළෙන රෝගයකු රාත්‍රියේදී කීප වතාවක් අවදි වෙනවා. මෙය නින්ද නොයන තත්ත්වයට සමානයි. ඒ නිසා ඔවුන්ට දිවා කාලයේදී අධික ලෙසින් නිදිමත ඇතිවනවා.

සමහර විට කතාබහ කරන අතරතුර පමණක් නොව ආහාර ගන්නා අවස්ථාවක පවා මෙම රෝගීන් නින්දට වැටෙන තත්ත්වයක් ඇති වෙනවා. මෙය තරමක දුර්ලභ රෝග තත්ත්වයක් වන අතර බොහෝ විට Narcolepsy මානසික රෝග තත්ත්වයක් ලෙසින් වරදවා වටහා ගන්නා අවස්ථාවන්ද තිබෙනවා. පුද්ගලයකුගේ වයස අවුරුදු 7- 25 අතර කාලයේදී මෙම රෝග තත්ත්වය වර්ධනය විය හැක.

පාරිසරික සාධක

  • නින්දෙන් ගොරවන පුද්ගලයකු සමග එක යහන හෝ කාමරය බෙදාගැනීමට සිදුවීම.
  • ඝෝෂාකාරී පරිසර තත්ත්වයන්. ( ළදරුවන්ගේ හැඬීම, සීතල, අපහසු මෙට්ටයක් මත නිදාගැනීම )
  • රාත්‍රි වැඩමුර කිරීම

මෙවැනි විවිධ හේතුන් නිසා ඔබට අහිමි වන රාත්‍රි නින්ද නිසා දිවා කාලයේදී අධික ලෙසින් නිදිමත ගතියක් දැනෙන්නට ඉඩ තිබෙනවා.ඒ නිසා ඔබට දිවා කාලයේදී අධික ලෙසින් නිදිමත ගතියක් දැනනවා නම් එය නොසලකා නොසිට වෛද්‍ය උපදසේ ලබාගැනීම ඉතාම වැදගත්.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...