අක්මාගත රෝග නසන කළුකැම්මේරිය


කැම්මේරිය වර්ග 02ක් ඉන්දියාවේ සහ ලංකාවේ අඩි 8000 දක්වා උස ප්‍රදේශයන්හි හමුවේ. ඒ අතරින් කලු කැම්මේරිය ඇටය ඉදුණු විට කළු පැහැ වන අතර ඉදුණු විට රතු පැහැ වර්ණ කැම්මේරිය වර්ගයක් පවති. ඉදින් වර්ග දෙකේ වෙනස පවතින්නේ ඉදුණු ඇට වල වර්ණය අනුවයි .

කලු කැම්මේරිය (Solanum nigrum)  Solanacea බටු කුලයට අයත් පැළෑටියක්. උසින් මිරිස් ගසක් පමණ වේ. සංස්කෘත නාමය "කාකමාචි" වන අතර වායසී , බහුඵල, ගුච්ඡ ඵල, ගුඩඵල , කුශ්ටනාසිනි පර්‍යාය වේ. රසාදි පංචකයට අනුව රසින් තික්තද, ගුණයෙන් ලඝු, ස්නිග්ධ, වීර්‍යෙන් අනූෂ්න සහ විපාකයෙන් කටු වේ. කලු කැම්මේරිය ත්‍රිදෝශනාශකයි.

" කාකමාචි ත්‍රිදෝශඝ්නි ස්නිග්ධෝශ්නා ස්වරශුක්‍රදා 

තික්තාරසායනි ශෝථ කුෂ්ඨර්ශොජ්වරමේහ ජිත්

කටුර්නේත්‍රහිතා හික්කාච්ඡර්දිහ්‍රද්‍රෝගනාශිනි "

කලු කැම්මේරිය රසායන, කුශ්ටනාශක ගුණ ප්‍රධාන වන අතර, ශුක්‍ර වර්ධක, චක්ශු හිතකර, ශෝථ කුශ්ට අර්ශස් ජ්වර ප්‍රමේහ හික්කා වමන හ්‍රද්දෝශ නාශක වන බව භාව ප්‍රකාශයේ සදහන්.

කලු කැම්මේරිය ශෝථහර ගුණය ප්‍රදාන වන අතර යකෘත් (අක්මා) ප්ලීහා, ගර්භ වල ප්‍රදාහ නාශක ගුණ ප්‍රධානය (Anti Inflammatory) එමනිසා අක්මාගත රෝග (Hepatitis) සඳහා භාවිතා කරයි. අක්මා රෝග සඳහා කශාය ලෙස කැදක් ලෙසත් ලබා දිය හැකියි. අභ්‍යන්තර ශෝථ මෙන්ම බාහිර සර්වාංග ශෝථ සහ ආමවාත ශෝථ සදහාත් කලු කැම්මේරිය කොල පත්තු වශයෙන් ද ස්වරස වශයෙන් ද ලබාදිය හැකියි. අක්ෂිරෝග සදහාත් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන කලු කැම්මේරිය අක්ශි ශූල, අක්ෂි ශෝථ සඳහා ප්‍රලේපයක් ලෙස යෙදිය හැකි වන අතර අක්ෂි තර්පනය කර ඇස් පෙනීම වැඩිදියුණු කිරීමටත් ඉවහල් වේ. 

කලු කැම්මේරිය මුත්‍රල ඖශධයකි. ඉදින් මුතාඝාත, වෘක්කරෝග සදහාත් යෙදිය හැකි. කුශ්ඨරෝග නැති කිරීමට හැකි අද්විතීය හැකියාව නිසාම මෙයට කුශ්ඨනාශිනි ලෙස පර්‍යායක්ද ඇත . ත්‍රිදෝශගත කුශ්ට නැතිකරයි. කුශ්ඨ සඳහා කලු කැම්මේරිය අඹරා ගැල්වීම සිදුකරයි. කලු කැම්මේරිය වල රසායන ගුණ නිසා රසාදී ධාතු තර්පනය කර යෞවන බව ඇති කරයි.

රක්තශෝධක බැවින් රක්තගත රෝග නසයි . හෘද රෝග නසා හෘදය ශක්තිමත් කරයි. විෂ චිකිත්සාවේදි මූශික විෂ සඳහා කලු කැම්මේරිය ස්වරස ලබාදිය හැකියි. 

නිද්‍රාහානි එහෙමත් නැත්තන් නින්ද අඩුකම සදහා කලු කැම්මේරිය මහඟු ඖෂධයක්. කොපමණ ප්‍රත්‍යක්ශද වස් පැරැන්නන් සඳහන් කරන්නේ කලු කැම්මේරිය මුලක් නිදන කොට්ටෙ යටින් තැබුවහොත් ඕනෑම නින්ද නොයන කෙනෙක්ට සුවදායක නින්දක් ලබාදෙන බවයි. කලු කැම්මේරිය නිද්‍රාකාරක බැවින් නිද්‍රාහානියට කාකමාචී තෛලය හිසේ ගෑමෙන් සුවබර නින්දක් ලැබේ.

උපුටා ගැනීමකි.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...