කොලෙස්ටරෝල් වැඩි නම් මෙන්න බෙහෙත
අපි හැමෝම නීරෝගිව ඉන්න කැමතියි.
අසනීපෙන් ඉන්නකොට සුවෙන් ඉන්න එකේ වටිනාකම තවත් තදට දැනෙනවා..ලෙඩක් හැදෙන්න කලින් වළක්වගන්න පුළුවන් නම් කොච්චර වටිනවද..
සමහර අසනීප හැදුනහම සමහර වෙලාවට කාලෙම විඳවන්න වෙනවා.
කොලෙස්ටරෝල් කියන්නෙත් ඒ වගේගේ අසනීපයකට, අපේ ශරීරයට කෙලෙස්ට්‍රෝල් දෙයාකාරයකින් ලැබෙනවා.
ඒ අපි ආහාරයට ලබා ගන්නා දේවල් වලින් අපිට කොලෙස්ට්‍රෝල් ලැබෙනවා. ඒ වගේම මිනිස් සිරුර තුලත් කොලෙස්ට්‍රොල් නිපදවනවා.
දක්වෙලාවට රුධිරේ කළෙස්ට්‍රෝල් මට්ටම ඉහළ ගියවිට කිරිටක දමනි අවරෝධයට ලක්වෙන්න ඇති ඉඩකඩ වැඩිවෙනවා.
එතකොට හෘදයාබාද වලට ලක් වීමේ ඇති අවධානම වැඩි වෙනවා.
ලංකාවේ හුඟක් අය බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙනවා මේ නිසා..
ඒත් දේශය වෛද්‍යකම තුළ දියුණු ප්‍රතිකාර ක්‍රම මේ වෙනුවෙන් තියෙනවා.
එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු නැහැ . ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙනවා.
මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයක්.
ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනු...
මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයක්.
එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වෙනවා. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්. කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවක්..
සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරනවා. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළයි.
උළුහාල්ද එසේමයි.
එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියා.
කොලෙස්ටරෝල් නැසීමට අමතරව ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් පොහොසත්.
තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්.
උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුයි.
යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැකියි.
මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගන්න .
දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැකයි. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැකයි. ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු පොතුද එක්කර ගැනීමට පුරුදු වෙලා තිබෙනවා . කුරුඳු පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයක්. එහෙත් කුරුඳු පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැහැ.
මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව තිබෙනවා...
මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැකයි.
හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වේවී...
උපුටා ගැනීමකි

Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment