උදෑසනම කුරුඳු තේ එකක් බිව්වොත් ඔබට ලැබෙන වාසි මෙන්න


 කුරුඳු කියන්නේ අපේ ආහාර රසවත් කරන කුළුබඩුවක්...


පැණි රස ඇති මෙන්ම සැරැති ආහාර සඳහා කුරුඳු භාවිතා කරනවා.

අද කතා කරන්න හදන්නේ කුරුඳු වලින් හදාගන්නා රසවත් තේ පානයක් ගැන.

කුරුඳු පොතු එලෙසින් ම හෝ කුඩු කර උණු වතුරේ තම්බා කුරුඳු තේ සකසා ගනු ලබනවා. මෙය ඉතා රසවත් මෙන්ම සුවඳවත් පානයක්.

කුරුඳු තේවලින් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ඉතාම රසවත් පානයක් වන කුරුඳු තේ බීමෙන් ඔබ නොසිතන වාසි බොහොමයක් අත් වෙනවා.

ප්‍රතිඔක්සිකාරකවලින් අනූන නිසා බෝනොවන රෝග රැසකින් හා වයසට යාමෙන් ඔබ වලකාවී
ඔබව සෞඛ්‍යමත් ව තබන්නට හැකි ප්‍රතිඔක්සිකාරකවලින් කුරුඳු පිරී පවතිනවා. එමගින් පිළිකා, දියවැඩියාව, හදවත් රෝග වැනි රෝග ඇතිවීම පාලනය කරනවා.

එමෙන්ම වයසට යාමේ ලක්ෂණ පාලනය කරන්නටත් ප්‍රතිඔක්සිකාරක නිසා හැකියාව ලැබෙනවා.

හදවතේ රෝග වලින් ඔබ ආරක්ෂා කරන්න කුරුඳු තේ වලට පුලුවන් ...

කුරුඳු තේවලට ප්‍රදාහ තත්ත්වවලින් ඔබව රැක ගන්නට හැකියාව තිබෙනවා. මෙය හදවත් රෝග මූල නසන ක්‍රියාවලියක්. රුධිර පීඩනය සහ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් කුරුඳුතේ වලට හැකි බවයි පර්‍යේෂණ පෙන්වා දෙන්නේ. එමෙන් ම හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමමින් හදවතේ සෞඛ්‍යය යහපත් ව තබා ගන්නට කුරුඳු තේවලට හැකියාව තිබෙනවා.

රුධිර ගත සීනි මට්ටම පහත හෙළන්නට කුරුඳු තේවලට පුලුවන්.

කුරුඳු තේවලට දියවැඩියාව පාලනය කළ හැකි සුවිශේෂ හැකියාවක් තිබෙනවා.

මේවා ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ලෙස ම ක්‍රියාකරන බවයි පැවසෙන්නේ. කුරුඳු තේවල ඇති එක්තරා සංයුතියක් නිසා ඉන්සියුලින් ප්‍රතිරෝද පහළ හෙලමින් රුධිරගත සීනි මට්ටම පහළ හෙලන්නට හැකියාව ලැබී තිබෙනවා.

එමගින් ඉන්සියුලින්වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වනවා. කාබෝහයිඩ්‍රේට් සිරුරට එක්වරම අවශෝෂණය වීමේ වේගය අඩු කරන්නටත් කුරුඳු තේවලට හැකියාව තිබෙනවා. එමගින් ආහාර වේලක් ශරීර ගත වීමෙන් පසු රුධිරගත සීනි මට්ටම ක්ෂණිකව ඉහළ යාම වළකනවා.

අනවශ්‍ය බර පාලනය කිරීමේ හැකියාව කුරුඳු තේවලට තිබෙනවා.

කුරුඳු තේ වඩාත් ම ප්‍රචලිත වී ඇත්තේ බර අඩු කරනා පානයක් ලෙසයි. කැලරි ප්‍රමාණය අඩු කිරීමත් සමග කුරුඳු තේ පානය කිරීමෙන් බරෙහි සැලකිය යුතු වෙනසක් ඔබට දකින්නට පුලුවන්. අනවශ්‍ය මේදය දිය කර හැරීමේ සුවිශේෂ හැකියාවක් කුරුඳු තේවලට තිබෙනවා.

කුරුඳු තේ බැක්ටීරියා සහ දිලීර නැසීමේ හැකියාවෙන් යුක්තයි.

කුරුඳු තේවලට බැක්ටීරියා සහ දිලීර නැසීමේ හැකියාව පවතිනවා. එහි පවතින Cinnamaldehyde වලට බැක්ටීරියා සහ දිලීර පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. Staphylococcus, Salmonella සහ E.coli වැනි මිනිසා නිතර රෝගී කරන විෂබීජ විනාශ කිරීමේ හැකියාව කුරුඳුවල තිබෙනවා. එමෙන් ම බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන දත් නරක්වීම සහ මුඛ දුර්ගන්ධය වළකන්නට ද කුරුඳු බෙහෙවින් උපකාරී වෙනවා.

ඔසප් වේදනා අඩු කරන්නටත් කුරුඳු තේවලට පුලුවන්.

ඔසප් දිනවල ඇතිවන අපහසුතා රාශියක් සමනය කිරීමේ හැකියාව කුරුඳු තේවලට තිබෙනවා. ඔසප් දිනවලට දින කිහිපයකට කලින් කුරුඳු තේ කිහිප වරක් පානය කිරීමෙන් වමනය, ක්ලාන්ත ගතිය, උදරය වේදනාව ආදී අපහසුතා මගහැරගන්න පුලුවන්.

උපුටාගැනීමක්
Countdown Timer

Countdown Timer

35 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...