කනට සතෙක් ගියොත් මොනවද කරන්නේ?
කනට සතෙක් ගියොත් ඇතිවන වේදනවා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.ඒ වෙලාවේ ඇතිවන අපහසුව දරා ගන්න අමාරුයි... ඉතිං කනට සතෙක් ගියොත් මොනවද කරන්න ඕනි? ඔන්න අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි ...
කොට්න් බඩ්, ගිණිකූරු, හෝ කොණ්ඩා කටු වැනි දිගැටි උපකරණ කිසිවකින් කනෙන් සතා ඉවතට ගැනීමට උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, සතා තවත් කන තුළට තල්ලුවීම සහ කනට හානිවීම සිදු වෙනවා .
විශේෂයෙන්ම, එවන් අයෙක් කුඩා දරුවෙකුගේ කනට ඇතුළු වූ සතෙක් ඉවත්කිරීමට උත්සාහ දැරීමෙන් අනතුරුව, දරුවා යලි වෛද්‍යවරයෙකුට කන පරීක්ෂා කිරීම සඳහා ඉඩ නොදෙන්නත් පුලුවන්
මුලින්ම, සතා ඇතුළු වූ කන පහතට සිටින සේ හිස හරවා උත්සාහ කරන්න පුළුවන්. ඇතැම් විට, සතාගේ දැඟලීමත් සමග ගුරුත්වය මගින් සතා කනෙන් ඉවත් විය හැකියි.
කන උඩ අතට සිටින සේ හිස හරවා කන තුළට ජලය හෝ ඔලිව් තෙල් (Olive oil) ස්වල්පයක් දමන්න පුළුවන්. එමගින්, බොහෝ විට කනට ඇතුළු වූ කෘමියා මිය යනවා. ඉන් පසු කන පහතට සිටින සේ හිස හැරවීමෙන්, කෘමියා සමග කනට ඇතුළු කරන ලද දියරය පිටතට ගලායාමට සලස්වන්න. රාත්‍රියකදී කනට සතෙක් ඇතුළු වී ඇත්නම් ජලය හෝ ඔලිව් තෙල් ස්වල්පයක් දමා සතාගේ දැඟලීම නතර වූ පසු නින්දට යන්න. පසුදින උදයේ උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න..
කනේ ඇතුළත තුවාල වී ඇති බවට සැකයක් ඇත්නම්, කනෙන් රුධිරය හෝ වෙනත් ශ්‍රාවයක් වහනය වේ නම්සතා ඉවත්කිරීම සඳහා කන තුළට කිසිවක් දමන්න එපා. එවන් විටෙක, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත්.
ඔබේ වෛද්‍යවරයාට ආලෝක ප්‍රභවයක් භාවිතා කරමින් කනේ අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකියි. කන තුළ තවමත් සතා සිටී නම්, වෛද්‍යවරයා විශේෂිත සිහින් දිගටි උපකරණයක් භාවිතා කර ප්‍රවේශමෙන් සතා ඉවත් කරාවි. සතා කර්ණ පටහ පටලය හෙවත් කන් බෙරයට (Ear drum) ඇලී හෝ සවි වී සිටී නම්, කන පරීක්ෂා කර කන් බෙරයට හානියක් නොවන පරිදි සතා ඉවත්කිරීම සඳහා සිහිනැති කිරීමටත් ඉඩ තිබෙනවා.
ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා විශේෂිත සිරින්ජයක් යොදාගෙන බාහිර ශ්‍රවණ නාලය තුළින් ජලය ධාරාවක් ගලායාමට සලස්වා ප්‍රවේශමෙන් සතා ඉවත් කරන්න පුලුවන් .
උපුටාගැනීමක්
Countdown Timer
50 seconds remaining
Comments
Post a Comment