පිළිකාව ඇතුළු රෝග රැසක් නසන්න කැකිරි ගෙඩියකට පුළුවන්.. කැකිරිවල ගුණ නොදත් ඔබ ඒ ගැන දැනගන්න..


 එළවළුවක් පලතුරක් සේම, රෝග ඖෂධයක් සේ ද, ව්‍යංජන රස කරගැනීමට යොදන පොල් කිරට ආදේශකයක් සේ ද, බහුකාර්ය සේවාවක නියැළෙන කැකිරි සුවිශේෂ වැලක්..


මෙම ගෙඩිය මත කහ කොළ වර්ණ හෝ එම වර්ණ මුසු විවිධ රටා හෝ දැකිය හැකියි..

ශාකය කුකර්බිටේසියේ කුලයට අයත් වන්නක්.. හේන් කැකිරි (Cucumis melo), සීනි කැකිරි (Cucumis sativus) වශයෙන් ප්‍රධාන ප්‍ර භේද දෙකකින් යුක්තයි.. කැකිරි වසර දහස් ගණනකට පෙරට පෙර ඉන්දියාවේ උපත ලබා පැතිරුණක් බව සඳහන් වන අතර එය මෙරට මෙන් ම, චීනය කොරියාව ජපානය ආදී රටවල් ගණනාවක දක්නට ලැඛෙනවා..

පිටි කැකිරි, පිටිට්ටු කැකිරි ලෙසද හැඳින්වෙන, සීනි කැකිරි දක්නට ඇත්තේ ශ්‍රී ලංකාවේයි.. දෙවර්ගය ම, බොහෝ දුරට සමාන ගුණවලින් යුක්තයි.. කැකිරි රෝගයට ඖෂධ වෙනුවට රෝගයට ආහාර යන තේමාවට වඩාත් ගැලපෙන්නක්..

එහෙත් එළවළු අතරින් බොහෝ දෙනෙක් කැකිරි ආහාරයට ගැනීමට අකමැති බව කාටත් නොරහසක්... එහෙත් කැකිරිවල තිබෙන සුවිශේෂී ඔසු ගුණ දන්නා අයෙක් නම් කැකිරි කැමැත්තෙන් ම ආහාරයට එක්කර ගනීවි.. කර්කෝටකී නම් වූ සකු නාමයෙන් හඳුන්වන කැකිරි උෂ්ණ ප්‍රදේශයන්හි වගා කරන ශාකයක් වුවත් සිසිල් දේශගුණයන්හි ද වගා කළ හැකියි..

- කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම්, පොටෑසියම් තන්තු ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් මෙහි අඩංගු ය.
- දිනකට කැකිරි ග්‍රෑම් 2.5ක් ආහාරයට ගන්නේ නම් සිරුරට යකඩ හා මැග්නීසියම් අවශ්‍යතාව සපුරයි.
- කැකිරි යනු මේදය රහිත ජලය සහිත ඵලයකි.
- වාතය, සෙම සමනය කරයි.
- පණු රෝගවලට ගුණදායක යි.
- මල බද්ධය වළකයි.
- ආහාර රුචිය වඩවයි.
- දියවැඩියාව, අධි රුධිර පීඩනය වළකයි.
- හෘදයාබාධ වළක්වයි.
- මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදී මුත්‍රා රෝගවලට සහනයක් ගෙන දේ.
- අධික පිපාසය, නින්ද නොයාම, හිසේ අමාරු ආදියට එරෙහිව ක්‍රියා කරයි.
- වකුගඩු රෝග, අම්ල පිත්ත රෝග හා පුරස්ථි ග්‍රන්ථි රෝග ඇතිවීම පාලනය කරයි.
- ලවණ අධික කිවුල් ජලය පානය කිරීම නිසා ඇතිවෙන මුත්‍රා ආශ්‍රිත රෝග හා වකුගඩු ගල් සෑදීම ආදී උවදුරුවලින් ශරීරය ආරක්ෂා කරයි.
- මුත්‍රාශ ගල් දිය කිරීමේ සුවිශේෂ ගුණයක් සහිතය.
- පිළිකා ප්‍රති ඔක්සිකාරක ගුණයක් සහිතය.

අතීතයේ ගැමි කාන්තාවන් පොල් කිරි වෙනුවට කැකිරි ඇට අඹරා ඇල්දියෙන් මුසු කොට ව්‍යාංජන පිසගත්තේ මෙම ගුණ ප්‍රායෝගිකව දැන සිටි නිසාවෙන් වන අතර, එම නිසා ඔවුන්ට බෝ නොවන රෝග වැලදීමේ අවදානම ඉතාම අඩු තත්ත්වයක පැවතුණා..

දේශීය ආහාර රටා හඳුනාගෙන ඒවාට හුරුවන්නේ නම් අතීතයේ මෙන්ම අනාගත පරපුරේ ද නීරෝගි බව සුරක්ෂිත කළ හැකි වනවා නොවේද..?


අන්තර්ජාලය ඇසුරෙන්.. 
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...