නිදාගෙන ඉන්නකොට ඔයාගේ අතත් හිරි වැටෙනවද? එහෙමනම් බල බලා ඉන්න එපා... මෙන්න විස්තරේ
සමහර වෙලාවට රෑට නින්දේදී ඔයාගත් හිරි වැටෙනවා දැනිලා තියෙනවද?
එක පාරටම රෑ මැද්දෙදි නින්දෙන් අවදි වෙන අවස්ථා ඔයාගේ ජීවිතයෙත් තිබිලා තියෙනවා වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක්ට මේ වගේ සිදුවීම් සිදු වෙනවා වෙන්න පුළුවන්.
ඇතැම් වෙලාවට හම ඇතුලෙන් පුපුරු ගහනවා වගේ වේදනාවක් එහෙමත් නැත්නම් ඉතාම හීනි අල්පෙනිදි තුඩුවල් වලින් අනිනවා වගේ දැඩි වේදනාවක් ඇතිවෙන අවස්ථා තිබෙනවා. මේ තත්ත්වේ වෛද්‍ය විද්‍යාව හඳුන්වන්නේ paresthesia කියලා.
මේ වගේ ඉතාමත් අපහසුවක් දැනෙන්නේ ඇයි? ඇතැම් විට මෙහෙම හිරිවැටීම සිද්ධ වෙන්නේ බරපතල රෝග තත්ත්වයක පූර්ව රෝග ලක්ෂණයක් විදියටත් වෙන්න පුළුවන්.
ඉතින් අද සූදානම් වෙන්නේ ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි ...
තත්වය ඇතිවීමට බලපෑ හැකි හේතු. මොනවද ?
නිදන ඉරියව්ව
අත් සිරුරට යටකරගෙන උදරය මත වැතිරී නිදාගැනීම , අත් හිසට යටින් තබාගෙන කොන්දට බරදී උඩු අතට හැරී නිදාගැනීම හෝ අත් අඹරවාගෙන පැත්තකට හැරී නිදාගේනීම ස්නායු වෙත අධි පීඩනයක් ඇතිකරවන සුලු දුර්වල නිදන ඉරියව් වෙනවා. මෙම වැරදි නිදන ඉරියව් නිසා රුධිර ප්රවාහයට බාධා ඇතිවිය හැකි අතර ස්නායු පද්ධතිය පුපුරු ගසන සංවේදනයක් ඇතිකරවමින් ප්‍රතික්‍රියා කිරීමට පටන්ගන්නවා. මෙම සංවේදනය තමයි ඔබට කටු අනිනවාක් මෙන් දැනෙන්නේ.
ස්නායු මිරිකීයාම
උරහිස සිට වැළමිට දක්වා විහිදී ඇති රත්නීය ස්නායුව (ulnar nerve) හරහායි අපට අතට සංවේදනයන් දැනීමට සලස්වනේ.මැණික්කටුව ප්‍රදේශයේ වේදනාව, අත මිට මෙලවීමේදි දුර්වල බවක් දැනීම, සහ අතේ හිරිවැටීමක් ඇතිවීම රත්නීය ස්නායුව මිරිකී හෝ පීඩනයට ලක්වී තිබෙන බව පෙන්නුම් කරන ලක්ෂණ වෙනවා. මෙම වේදනාව ස්වභාවයෙන්ම දුරු වී යන මුත් දින 2 කට වඩා කාලයක් එසේ වේදනාව තවදුරටත් පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට සැලකිලිමත්වන්න.
විටමින් B12 ඌනතාව මස්, මාලු, කිරි නිෂ්පාදන වල මෙම විටමින් බහුලව අඩංගුයි. ඒවා අපේ සිරුරේ ස්නායු සහ රුධිර සෛල නීරෝගී කරවයි. විටමින් B12 ඌනවීමෙන් සිරුරේ ස්නායු සම්බන්ධ විවිධ ගැටලු මතුවිය හැකි අතර එය පුපුරු ගසන සංවේදනයක් ලෙස හෝ සංවේදනයන් දැනීම අඩුවීමක් හරහා ඉඟි ලක්ෂණ පෙන්නුම් කරනවා.
ආතතිය සහ කාංසාව-අප කාංසාවට හෝ ආතතියට පත්වී සිටින විට ඉලක්කගත ස්ථාන වලට ආතති හෝර්මෝන නිදහස් වීමට පටන්ගන්නා විට අපේ සිරුරේ ‘සටන් කිරීම හෝ පලායාම'(fight or flight response) නම් යාන්ත්‍රණය සක්‍රීය වේ.එක්කෝ එම තත්වයන්ට මුහුණ දීම හෝ , එසේ කල නොහැකි නම් ඉන් මිදීමට සිරුරට සූදානම් කිරීමයි. මෙම මානසික ප්‍රතික්‍රියාවේදී සිරුරේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන ශරීර කොටස් වෙත රුධිර ප්‍රවාහය ආපසු හරවා යැවීම සිදුවෙනවා. එහිදි සිරුරේ ඇතැම් කොටස් වල රුධිර ප්‍රවාහය විම අඩුවීමත් සමඟ මෙසේ හිරිවැටීම් තත්වය ඇතිවෙනවා. මාංශ පේශී අධික පීඩාවට පත්වීම හේතුවෙන් ද මෙසේ සම පුපුරු ගසන වේදනාවක් ඇත්විය හැකියි...
සිරුර අභ්‍යන්තරේ ඇති ඇතැම් සෞඛ්‍යය ගැටලු තත්වයන්-නිදන්ගත පැරස්තීසියාව (chronic paresthesia) එහෙමත් නැතිනම් දිගුකලක් නිතර නිතර මතුවන හිරිවැටීමේ තත්වය සිරුරේ ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරවන යම් සෞඛ්‍යය ගැටලුවක රෝග ලක්ෂණයක් විය හැකයි.
හිරිවැටීම සමඟ මාංශ පේශි අප්‍රාණිකබව හෝ වෙනත් රෝග ලක්ෂණ ද මතුකරයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ තත්වය පරික්ෂා කරගැනීමට සැලකිලිමත් වන්න.
පැරෙස්තීසියා තත්වය අවම කරගන්නේ කෙසේද?
‘ඔබේ අත් අවදි කරන්න’ස්නායු තදවිමක් නිසා අත හිරි වැටුණු විට අත සම්පූර්ණයෙන්ම නිදාවැටි ඇතිවාක් මෙන් කිසිඳු දෙයක් නොදැනෙන තත්වයකට පත්වෙනවා...
පීඩනය දුරු වි ගිය වහාම අතේ සංවේදනයන් දැනීමේ හැකියාව යලි ලැබෙනවා.
මෙහිදි ඔබේ අත් සෙලවීමට උත්සහ කිරීමෙන් අත් වල රුධිර සැපයුම වැඩිකරගත හැකියි.
අත් ඉහළට හෝ දෙපසට සේල්වීම, උරහිස් චලනය කිරිම හරහා බෙල්ලේ පීඩනය අඩුවීම සහ ස්නායු ලිහිල් වීම සිදුවේ.ක්‍රියාශීලිබව අඩුකම මෙසේ අත් පා හිරිවැටීමට බලපාන තවත් හේතුවක් බව සඳහන් වෙනවා.
නිදන ඉරියව්ව නිවැරදි කරගන්න-සිරුරට යට වන සේ අත් තබාගෙන නින්දට යාමෙන් වළකින්න.
මෘදු රුධිර ප්‍රවාහයක් ඇතිවන සේ නිදාගැනීමට යන විට වැළමිට ප්‍රදේශය සෘජුව තබාගන්න.
හිසට යට කරගෙන නොව, සිරුරට දෙපසින් දෑත් තබාගෙන නිදාගන්න.
එමඟින් අත් වලට ඇති රුධිර සැපයුමට බාධා ඇති වෙන්නේ නැහැ.
කළල ඉරියව්වෙන් එහෙමත් නැතිනම් වකුටු වී නිදාගන්නා ඉරියව්වෙන් නිදාගැනීම හිතකර නැහැ.
අත් සහ වැළමිට නැවි ඇති විට නින්දේදී ස්නායු වලට අනවශ්‍ය පීඩනයක් එල්ල වීම සිදුවෙනවා..
නිදාගන්නා විට wrist brace එකක් හෝ තුවායක් භාවිතා කරන්න-splints හෝ wrist brace (මැණිකට්ටුවට පලඳින විශේෂ පටියක්) වැනි මෙවලම් භාවිතයෙන් මැණික්කටුව නින්දේදී සෘජුව තබාගැනීමට ආධාරකයක් ලැබෙනවා.
එවිට නින්දේදී අත් නැවීයාම ගැන වද වෙන්නට අවශ්‍ය නැහැ.
වැළමිට වටා තුවායක් ඔතාගැනීම මඟින් ද වැළමිට නැවීම වළක්වාගත හැකියි.
නමුත් තදින් ඔතාගැනීමත් සුදුසු නැහැ.
නීරෝගි ජිවන රටාවකට හුරුවන්න-දිනපතා ව්‍යායාම වම නිරතවන්න, ඉන් හෘද සෞඛ්‍යයට සහ රුධිර සංසරණ ක්‍රියාවලියට වඩාත් යහපත් ප්රතිලාභ හිමිවෙනවා.
විටමින් ඌනතා ඇතිවීම වළක්වාගැනීමට සහ ස්නායු වේදනා ඇතිවීම අවම කරගැනීමට හොඳ විටමින් පෝෂණයක් ලැබෙන ආහාර අනුභව කරන්න.
සෞඛ්‍යයමය ගැටලු වලට නිසි ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්න-බරපතල හා දිගින් දිගටම මතුකරවන දිගු කලක් තිස්සේ පවතින රෝග ලක්ෂණ මතුවේ නම් හිරිවැටිම හෝ කටු අනිනවාක් මෙන් දැනෙන ස්වභාවය ඇතිවන්නේ සිරුරේ හටගෙන ඇති යම් රෝග තත්වයක් නිසාදැයි තහවුරු කරගැනීමට කල් නොදමා වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ තත්වය පරික්ෂා කරගනිමින් අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමට සැලකිලිමත් වන්න.
වහාම ක්‍රියාත්මක විය යුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි සැලකිලිමත් වීම ඉතා වැදගත්!
එක්වරම හිරිවැටිමක් ඇතිවීම ආඝාත තත්වයේ පුර්ව රෝග ලක්ෂණයක් ද වෙන්න පුළුවන්...
ඒ නිසා පැරස්තීසියා තත්වය සමඟ ඉස කරකැවිල්ල ගතිය, අංශබාගය හෙවත් සිරුරේ පැත්තක් අප්‍රාණික වී ඇති බවක් දැනීම, කතා කිරීම අපහසුවීම, අසමබරතාව ගිලිහීම සහ බරපතල හිසරදය තත්වයක් ඇති වෙයි නම් වහාම පුද්ගලයාව රෝහල් ගත කිරීමට කටයුතු කරන්න.
(උපුටාගැනීමකි)

Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment