මේ ආහාර නම් කවදාවත් ශීතකරණයේ තබන්න එපා...


 අපි හැම වෙලාවෙමවකම උත්සාහ කරන්න ඕන අපි ගන්නා ආහාරවල පෝෂණය විනාශ නොවෙන විදිහට ඒවා භාවිතයට ගන්න. 


මොකද එම නැත්තං අපි කන බොන දේවල් වලිනුත් වැඩක් වෙන්නේ නැහැනේ.

ආහාර කල්තබා ගන්න ගොඩක් දෙනෙක් ආහාර ශීතකරණයේ තබන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක නැවුම් බව ආරක්ෂා කරගන්න හොඳ ක්‍රමයක්. හැබැයි සමහර ආහාර වර්ග තියෙනවා එහෙම ශීතකරණයේ තිබ්බොත් ඒවායේ තියෙන රසය, පෝෂණය යන හැමදේම විනාශ වෙලා යනවා. බලන්නකෝ ඒ මොනවද කියලා.

මින් පස්සේ මේ ආහාර වර්ග ශීතකරණයේ තබන්න එපා.

තක්කාලි
තක්කාලි ශීතකරණයේ ගබඩා කිරීම් මගින් ඒවායේ තියෙන පෝෂණ කොටස් විනාශ වෙනවා. තක්කාලි ගබඩා කරන්න ඕන කාමර උෂ්ණත්වය යටතේ. ප්ලාස්ටික් හෝ පොලිතින් කවර වල තක්කාලි අසුරන්න. එයින් තක්කාලි කල් තබා ගන්න පුළුවන් වෙයි.

ළූනූ
ළූනූ ශීතකරණයේ තැබීම නිසා ඉතා ඉක්මනින් නරක් වෙන්න බලනවා. ළූනූ ගබඩා කරන්න හොඳම තැන තමයි ගෝනි. පොඩි ගෝනියක ළූනූ අසුරන්න පුලුවන්නම් ඒ කල්තබා ගන්න ඉතා අපහසුයි. ඒ වගේම තමයි ළූනූ ගබඩා කරද්දී ඒ සමග අර්තාපල් ගබඩා කරන්න එපා. ළූණු අර්තාපල් එකට ගබඩා කිරීමෙන් ළූනූ නරක් වෙන්න බලනවා.

ළූනූ අමු මිරිස් එක්ක ගබඩා කරන්නත් එපා. අමු මිරිස් ඉක්මනින් ඉදෙන්න එය හේතුවක් වෙනවා. ඒ නිසා ළූනූ හා අමු මිරිස් වෙන වෙනම ගබඩා කරන්න .

කොමඩු
කොමඩු කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න පුළුවන් නම් එක තමයි වඩාත් යෝග්‍ය. ඒ මඟින් කොමඩු වල ඇති ප්‍රතිඔක්සිකාරක වඩාත් හොඳින් කියාකාරිව තබා ගන්න පුළුවන්.

අර්තාපල්
අර්තාපල් ගබඩා කරන්න ඕන අඳුරු හා වියලි ස්ථානයක. අඩු උෂ්ණත්වයක, එහෙමත් නැත්තන් ශීතකරණයක තැම්පත් කිරීමෙන් එහි ඇති රසය විනාශ වීමට ඉඩ තියනවා.

මේ ආහාර වලට අමතරව සුදු ළූනූ, වට්ටක්කා, ඉඟුරු, බතල, කෙසෙල්, අලිගැට පේර වගේ ආහාරත් ශිතකරණයෙන් ඈත් කරලා තියෙන තරමට ඒවාගේ පෝෂණ ගුණයන් ආරක්ෂා කර ගන්න පුළුවන්.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...