පිළිකා නසන දියවැඩියාවට ගුණදෙන පෝෂණයෙන් අනූන කහට ගෙඩි


ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සහ තැනිතලා ප්‍රදේශ වල පහත් බිම් ආශ්‍රිතව හොඳින්ම වැවෙන මේ ශාකය දැඩි නියඟ කාලයන්වලටත් හොඳින් ඔරොත්තු දෙනවා.

ඉතා විශාලව වැඩෙන මේ ශාකයේ මල් හට ගන්නේ සිංහල අවුරුද්දට පෙර. අපේ මුතුන් මිත්තන් මේ ගසේ කොළ, පොතු, ගෙඩි, අරටුව, මුල් ආදී සියල්ලම ඵදිනෙදා භාවිතයට ගත්තා ඖෂධ වශයෙන් වගේම ආහාර වශයෙන්.

මේ ශාකය පිළිබඳව කතාකරද්දී අමතක කරන්නට බැරි විශේෂම කාරණාවක් තියෙනවා. ඔබ හැමෝම දන්නවා ශී ලංකාව වින්නඹු චිකිත්සාවක් තිබූ රටක් බව. ඵදා අද වගේ දරුවන් ප්රසුත කිරීම සඳහා රෝහල් තිබුණේ නැහැ. ඒ සඳහා සහායට ආවේ වින්නඹු මාතාව. ඉතින් දරුවන් ප්රසූත කිරීමේ සිට භාවිතා කරපු නැතුවම බැරි ශාකයක් තමයි මේ කහට ගහ. රු ප්රසූතියෙන් පසුව කහට ගසේ කොළ පොතු දමා තම්බාගත් වතුරෙන් මව්වරුන් නෑවීමේ සිරිතක් ඵදා තිබුණා. මේ ශාකයේ ඖෂධීය වටිනාකම හැරුණාම කහට ගසේ ගෙඩි වෑංජන විදිහට සකසා ආහාරයට ගන්නට පුළුවන්.

හොඳින් වර්ධනය වුණු කහට ගෙඩියක් ලොකු පේර ගෙඩියක ප්රමාණය ගන්නවා. මේ කහට ගෙඩි වෑංජනය ශ්රි ලංකාවට ආවේණික ආහාරයක් විදිහට සැලකුවත් විශේෂයෙන්ම සබරගමුවට ආවේණික ආහාරයක් යැයි කීම වඩාත් සුදුසුයි.

මේ කහට ගෙඩි වෑංජනය අනෙක් ඵලවලු සකසනවා වගේ ඇබ්බැහි වන තරමේ රසකට සකසා ගැනීම ඵතරම් පහසු කාරණයක් නෙවෙයි

කහට ගෙඩි තරමක් තිත්තට හුරු කහට ගතියකින් යුක්ත නිසා බොහෝ දෙනෙක් වෑංජනය සකසන්නට පෙර ගොරකා සමඟ කහට ගෙඩි තම්බා දිය හැර ගන්නවා. නමුත් පිසීමට පෙර මෙසේ තම්බා ගැනීමෙන් ඵහි රසයට සුවඳට වගේම ගුණයටත් යම් හානියක් වෙන බව කියන්නට අවශ්යයි

වෑංජනය සඳහා භාවිතා කෙරෙන්නේ ළපටි කහට ගෙඩි. මේ ළපටි කහට ගෙඩි අලුපල්ලේ තම්බා අඹරා ගැනීමෙන් හෝ පොඩි කර ගැනීමෙන් මැල්ලුම වගේම වෑංජන පිළියෙල කරගන්න පුළුවන්.

ඒ වගේම කහට මල් සහ පොතු තම්බා පානය කිරීමත් ශරීරයේ විවිධ ලෙඩ රෝග සුවපත් කර ගන්නටත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නටත් විශාල උදව්වක් වෙනවා. මේ කහට ගෙඩි වෑංජනය බත් සමග ආහාරයට ගන්නට වගේම ඉඳි ආප්ප සහ පාන් වගේ දේවල් සමඟත් ඉතාම රසවත්ව ආහාරයට ගන්නට පුළුවන්. කහට ගෙඩි වෑංජනය ආහාරයට ගැනීමෙන් පහත ප්රතිලාභ ලබා ගන්න පුළුවන්.

ලේ අර්ශෂ් රෝගයට ගුණදායකයි. පිළිකා රෝගවලින් ආරක්ෂාව සලසයි. හදවතට හිතකර නිසා හදවත් රෝගවලින් රැකවරණය ලබා දෙයි. ආමාශයේ හටගන්නා තුවාල සුවකර අම්ල පිත්ත රෝගීන්ට සහනය සලසයි. දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි

ශරීර ශක්තිය ලබා දෙයි. රක්තහීනතාවයට ගුණදායකයි වාත රෝගවලින් ආරක්ෂාව සලසනවා. සම පැහැපත් කර නීරෝගී සමක් උරුම කරදෙයි.


කහට ශාකයේ ඖෂධීය භාවිතයන් යටිපතුල් තුවාල වූ විට මේ සඳහා කහට පොතු තම්බා බැඳීම සිදු කරනවා. කාන්තාවන්ගේ ශ්වේත ප්රදර සහ රක්ත ප්රදර රෝග සඳහා කහට ගසේ පොතු චූර්ණය මදටිය 6 -12 අතර ප්රමාණයක් ගිතෙල් මී පැනි සමග ලබාදීමෙන් ගුණ ලැබෙනවා. රුධිර ගලනය නැවැත්වීම සඳහා හදීසි අනතුරුවලදී රුධිරය ගලන තුවාලයකට කහට ගසේ දලු කොටා තුවාලය මත තැබීමෙන් ඉතා ඉක්මනින් රුධිර වහනය නතර කර ගැනීමට පුළුවන්.

දියවැඩියා රෝගීන්ගේ සුව නොවන ඔඩු දුවන තුවාල සඳහා දියවැඩියා රෝගය නිසා සුව නොවන තුවාල තත්ත්වයන් සඳහා ඵදා අතීතයේ බහුලව භාවිතා කරපු මේ ශාකය අපිට ප්රයෝජනවත් වෙනවා. ඒ සඳහා කහට ගසේ පොතු හා දලු තම්බා ගත් වතුරෙන් තුවාලය සේදීම ප්රමාණවත්. ඒ හැරුණාම කහට ගසේ පොතු ආදියෙන් විවිධ තෙල් වර්ග වගේම ඖෂධ සකසා භාවිතා කරන්නත් පුළුවන්.

සුව නොවන කැස්ස සඳහා මේ සදහා කහට ගසේ මල් භාවිතයට ගැනෙනවා. කහට මල් පොතු කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මී පැනි සමග පානය සුදුසුයි චර්ම රෝග සඳහා කහට පොතු තම්බා ගත් වතුරෙන් ඇඟ සේදීමෙන් සමේ රලු ගතිය නැති කරගන්නට වගේම විවිධ චර්ම රෝගවලින් ආරක්ෂාවීමටත් ඉතාම වැදගත්. දත් මුල් දියවීම සඳහා කහට පොතු තම්බා ගත් ජලයෙන් මුඛය සේදීමෙන් මේ තත්ත්වය සුව කරගන්නට පුළුවන්

දියවැඩියා රෝගය සඳහා කහට ගසේ කොළ සහ පොතු තම්බා ගත් ජලය පානය කිරීම සුදුසුයි. ලේ දූෂිත වීම නිසා හටගන්නා වෛරස් රෝග සහ සමේ රෝග සඳහා මේ සඳහා කහට පොතු තම්බා පානය කිරීම ප්රමාණවත්. දුර්වල ශරීරයක් ඇති අයට සහ වැටීම් තැළීම් නිසා තෙහෙට්ටුවට පත් දරුවන් සඳහා කහට ගසේ මල් තම්බා සීනි දමා පානය කිරීමෙන් සහනය සලසා ගන්න පුළුවන්.

සැළකිලිමත් වෙන්න කහට ගෙඩි ඖෂධීය ගුණයෙන් ඉහළ නමුත් වකුගඩු රෝගවලින් පෙළෙන අයට සහ මූත්රා දැවිල්ල ආදී රෝග තත්ත්වයන් ඇති අයට ඵතරම් හිතකර නොවන නිසා ඵවැනි අය මේ ශාකය ඖෂධයක් වශයෙන් හෝ ආහාරයක් වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.

උපුටාගැනීම අන්තර්ජාලය ඇසුරෙන්.


Countdown Timer

Countdown Timer

80 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...