පමණ දැනගෙන භාවිතා කල යුතු කෝවක්කා

කෝවක්කා දේශීය බහු වාර්ෂික වැල් ශාකයක් වන අතර මේරූ කඳ සුදු පැහැයෙනුත් ලපටි ඒවා කොළ පැහැති වෙයි. 

කෝවක්කා වැල් ශාකය පහුරු ආධාරයෙන් ආධාරකයන් මතින් ඉහලට වැඩෙයි. සරල පත්‍රවල දාර සියුම් කටු වැනි කඩතොළු සහිත බවකින් යුක්ත වෙයි. මල් සුදු පැහැයෙනුත් ගෙඩි අණ්ඩාකාර හැඬයෙන් යුක්තව කොළ පැහැයෙන් 8 cm ක් පමණ දිගට වැඩෙන අතර මෝරන විට දීප්තිමත් රතු පැහැයකට හැරෙයි.

කෝවක්කා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සමත් බව නිසා මෑත කාලයේදී බෙහෙවින් ප්‍රචලිත වූ ශාකයකි. 

තවද වණ , තුවාල , ඉදිමුම් , උණ , සෙංගමාලය , අක්මාවේ ආබාධ , කැස්ස , ඇදුම , ලය පීනස , මුඛ රෝග , රක්ත හීනතාවය , පෝෂණ ඌණතා , ලාඳුරු ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ , ගෙඩි ඇතුළු සම්පූර්ණ ශාකයමත් යොදා ගනී. කෝවක්කා වේදනා නාශක , කුසගිනි වඩවන , සෙම් පිත් නසන , බැක්ටීරියා විනාශ කරන , රුධිරය පිරිසිදු කරන , විස නසාලන ආදී ගුණයන්ගෙන් අන්තර්ගතයි. 

කැල්සියම් , විටමින් c , කාබොහයිඩ්රේට් , කෙඳි , පොස්පරස් , ප්‍රෝටීන් රයිබොෆ්ලේවින් , බීටා කැරොටීන් ඇතුළු පෝෂක ගණනාවකින් යුතු ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ප්‍රතිශක්තිය වඩවන , කුසගිනි ඇති කරවන

වයසට වඩා තරුණ පෙනුමක් ලබා දෙන , සම පැහැපත් කරන , හිසකෙස් වඩන , අපූරු රූප ලාවණ්‍ය වර්ධකයකි.

දියවැඩියා රෝගීන්ට කෝවක්කා කොළ යුෂ දිනපතා පානය කිරීමෙන් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගැනිමේ හැකියාව පවතින අතර විවිධ පරීක්ෂණ මගින්ද කෝවක්කා දියවැඩියාවට ඉතා සුදුසු ඖෂධයක් ලෙස සනාථ වී ඇත. 

දියවැඩියා රෝගීන් තම රෝග තත්වය සදහා ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස වෛද්‍ය උපදෙස් වලින් තොරව කෝවක්කා භාවිතා නොකල යුතුය. 

කෝවක්කා ගෙඩි ව්‍යංජනය සහ කොළ මැල්ලුම මලබද්ධයට සහ අර්ශස් රෝගයට බෙහෙවින් ගුණදායක ය. මෙම ශාකයේ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කෝවක්කා ආහාරයට ගැනීමෙන් වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගැනීමටත්, පැහැපත් සමක් සහ දිගු කෙස් කලඹක් ලබා ගැනීමටත් හැකියි. කෝවක්කා සමෙහි ඇති වන රෝගවලටද ගුණදායක ය. 

කැසීම්වලට , හොරි , දද , කුෂ්ඨ , පලු වැනි අවස්ථාවලදී කෝවක්කා ගෙඩි යුෂ හෝ පත්‍ර යුෂ දිනකට දෙවතාවක් බැගින් සතියක් පමණ එම ස්ථානයේ ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. කෝවක්කා කොළ යුෂ ආලේපනය සමෙහි හටගන්නා පොතු කබර රෝගයට ද සහනය ගෙනෙයි. 

කෝවක්කා මුල් සහ වැලේ දඬුව තුළ පවතින ඖෂධීය රසායනික සංඝටක ශරීරයේ හට ගන්නා වේදනා නාශනය කිරීමට සමත් වෙයි. හන්දිපත් වේදනාවලදී අමු කෝවක්කා මුල් සහ දඬුව තළා ගත් යුෂ වේදනාව ඇති තැන්වල ආලේප කළ යුතුය. තුනටිය වේදනාවෙන් පෙළෙන රෝගීන්ටත් මෙය අගනා ඔෟෂධයක්. අක්මාව ආශ්‍රිතව හටගන්නා රෝග තත්ත්වයන් නිසා ශරීරය කහ පැහැ ගැන්වී ඇති රෝගීන්ට කෝවක්කා වෑංජන සහ මැල්ලුම් ආහාරයට ගැනීමෙන් එයින් මිදිය හැකි ය. කෝවක්කාවල අක්මාවට හිතකර එන්සයිම අඩංගු වන අතර කෘෂි රසායන විෂ ඇතුළු විවිධ විෂ , ඇතැම් ඖෂධවල සංකූලතා ආදියෙන් අක්මාවේ ඇතිවන අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයට ගුණදායකයි.

කෝවක්කා කොළ යුෂ ආලේප කිරීමත් කොළ හා ගෙඩි ආහාරයට ගැනීමත් පරණ හෝ අළුත් තුවාල ඉක්මනින් සුව වීමට හේතු වෙයි.

මුඛයේ තුවාල , සෙම් ගෙඩි ආදිය නිසා ඇති වන මුඛ දුර්ගන්ධය ඇති විට කෝවක්කා කොළ යුෂවලින් කට සේදීමෙන් තුවාල සුව වී දුර්ගන්ධය පහව යයි. අමු ගෙඩි සැපීමෙන්ද මුඛ රෝග සුවකර ගත හැකිය. 

මුත්‍රගල් නිසා උදර වේදනා ඇති වූ විට කෝවක්කා කොළ අඹරා එයට වෙඩිලුණු ස්වල්පයක් මිශ්‍ර කර අදාල ස්තානයේ පැලැස්තරයක් දැමීමෙන් ගල් දියවී මුත්‍රමාර්ගය දිගේ ශරීරයෙන් බැහැරව යයි.

ශරීරයේ හටගන්නා දදවලට කෝවක්කා කොළ මිටක් ගෙන අඹරා පසුව තල තෙල් හා ළිපේ රත් කර දදයේ ආලේප කිරීමෙන් එය නිට්ටාවට සුව වෙයි. 

කල්ගතවූ කැස්සට කෝවක්කා කොළ බඳුනකට වතුර පත 8ක් මිශ්‍ර කර එය පත එකක් වන තුරු සිඳ උදේට පත භාගයයි , සවසට පත භාගයයි බැගින් දිනපතා මී පැණි සමඟ එම කෂාය දින කීපයක් පානය කිරීමෙන් කැස්ස සුව වේ. 

ගොනෝරියා වැනි සමාජ රෝග සදහා වෛද්‍ය උපදෙස් අනුව කෝවක්කා භාවිතා කල හැකිය.

කාන්තාවන්ගේ ආර්තවයේදී අදික ලෙස රුධිරය පිටවීම වැලැක්විමට ද , නොයෙකුත් වර්ගයේ බෝ නොවන තුවාල සදහා ද , කාන්තාවන්ගේ සුදයාමේ රෝගයට ද , අක්මාව ඉදිමිම සදහා ද , කැස්ස , වැඩිපුර මූත්‍රා පිටවීම , ඇදුම රෝගය , උණ , සම ආශ්‍රිත විවිද කුෂ්ඨ වර්ග , ලේ හිග වීම නිසා ඇති වන රක්ත හීනතාවයට ද කෝවක්කා ඉතා සුදුසු ඖෂධයක් බව සඳහන් වෙයි. 

කෝවක්කා හොදින් ඉදුනු ගෙඩි රසවත් පලතුරක් සේ කෑමට ගත හැකිය. කෝවක්කා පැසුණු ගෙඩි ව්‍යංජනයක් ලෙසත් , කොළ මැල්ලුමක් හෝ සලාදයක් ලෙසත් සකසා ආහාරයට ගත හැකිය. එමෙන්ම කෝවක්කා ගෙඩි පෙති ගසා ගැඹුරු තෙලේ බැද ආහාරයට ගැනීමටත් , ළපටි ගෙඩි සලාදයක් ලෙස සාදා ගන්නටත් හැකි ය. අල , වෑංජන ලෙස ද සකසන බව සඳහන් වෙයි. සතියකට වරකට දෙකකට වඩා හෝ අධික ප්‍රමාණවලින් හෝ ගැනීම හිතකර නොවන බවත් සඳහන් වෙයි.

මෙවැනි ස්වභාවික ඖෂධීය ශාක හඳුනා ගැනීමෙන් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර ගැනීමෙන් එම ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සුරක්ෂිත වනු ඇත.

උපුටා ගැනීමකි.

Countdown Timer

Countdown Timer

80 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...