හිමාලයෙන් ආ තැල් කොළවල ඔබ නොදත් ගුණ ගැන දැනගන්න කැමතියිද..?
ගොඩක් දෙනෙක් මේ නම් අහලත් නැතුව ඇති.. මොනවද මේ තැල් කොළ..
රෝග රැසකට ගුණ දෙන මේ තැල් කොළ හිමාල වනයෙන් ගෙන ආවා කියලා තමා ජනප්‍රවාදයේ කියැවෙනවා...
ඉන්දියාවේ, දකුණු අප්‍රිකාව, මලයාව, චීනය, මලයාසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල දක්නට ලැබෙන අතර ලංකාවේ මහමඩු, අඳුන් පලා යන නම් වලින්ද හඳුන්වන තැල් කොළ ගැනයි මේ කියන්න යන්නේ..
තැල් කොළ කියන්නෙ ලංකාවේ රජ වරුන්ගේ රාජ බෝජන වට්ටෝරුවල ප්‍රධාන ආහාරයක්.. දැනටත් ග්‍රාමීය පලාත්වල සාංඝික දාන අවස්ථාවලදී අනිවාර්යයෙන් තැල් කොළ ඇඹුලක් හදනවා.. ඉතින් අද කාලයේ නම් වැඩිපුර අහලා නැති මේ තැල් කොළ ගැනයි මේ ඔබට කියන්න යන්නේ...
- තැල් කොළ වර්ග කීපයක් තියෙනවා.. ඒ අතරින් මම පින්තූර සදහා යොදා ගෙන තියෙන කොළයේ දම් පාට පුල්ලි සහිත වැල තමයි නියම තැල් කොළ වර්ගය වෙන්නේ..

- මේකට රස තැල් කියලා තමයි කියන්නේ... ආයුර්වේද පොත් පත් වල බෙහෙත් වට්ටෝරු වල රස තැල් කියලා සදහන් වෙනවා .ඒ වගේම සංස්කෘත භාෂාවෙන් ලක්ෂමන කියලා කියනවා... සමහර පලාත්වල මහමඩු,අදුන් පළා කියලා කියනවා..
- තැල් කොළ ඉන්දියාවේ හිමාලය අඩවියෙන් ලංකාවට ගෙන ආ බවත් පසු කාලීනව තැල් කොළ නමින් ප්‍රසිද්ධ වූ බවත් තමයි පොත් පත් වල සදහන් වෙන්නේ රාම රාවණා යුද්ධ කාලයේ දුනු - හීවලින් සිදුවූ තුවාල ආදිය සනීප කිරීමට තැල් කොළ උපයෝගි කරගෙන තියෙනවා..
- ඉතින් ආයුර්වේද වෙද්‍ය ක්‍රමයට සහ දේශීය වෙද්‍ය ක්‍රමයට අනුව ඉතාමත් ගුණ දෙන තැල් කොළ ගොඩක් කාන්තාවන්ට ගුණ දෙන පැළෑටියක්... ඔසප් සමයේ අධිකව රුධිරය පිටවීම් ,ගර්භාෂයේ උෂ්ණත්වය අධික වීම, දරු ගැබක් හට නොගැනීම ,සුද යාම ,ඔසප් සමයේ අධික වේදනාව ,ආදී ගර්භාෂ ගත සියලු රෝග සදහා විශේෂ ගුණ දෙන කෑමක් වගේම යකඩ බහුල නිසා හිමොග්ලෝබින් ඉක්මනින් වැඩි කරනවා..
- ස්ත්‍රී බීජ වගේම ,ශුක්‍රාණු වඩන ගුණයෙන් ඉහළ ආහාරයක්..
සිරුර සිසිල් කරන ගුනයෙන් යුක්ත නිසා මුත්‍රා දැවිල්ලට බොහොම හොද ආහාරයක් වගේම වකුගඩු රෝගින්ට ඉතාමත් ගුණ ආහාරයක්.. දියවැඩියා ,හදවත් රෝගින්ට හොදයි .විෂ නසන ගුණ නිසා අක්මාවට හිතකර වනවා..
සිරුර සිසිල් කරන ගුනයෙන් යුක්ත නිසා මුත්‍රා දැවිල්ලට බොහොම හොද ආහාරයක් වගේම වකුගඩු රෝගින්ට ඉතාමත් ගුණ ආහාරයක්.. දියවැඩියා ,හදවත් රෝගින්ට හොදයි .විෂ නසන ගුණ නිසා අක්මාවට හිතකර වනවා..
සෙවෙල් ගතිය නිසා සන්ධි රෝගින්ට ඉතාමත් හොද ආහාරයක් වගේම සමේ තෙතමනය ආරක්ෂා කරන ගුණයෙන් යුක්ත වෙනවා.. මළ බදධය දුරුකර ,බඩවැල් පිරිසිදු කර මළ පිට කිරීම පහසු කරන නිසා අර්ශස් රෝගින්ට ඉතාමත් ගුණ ආහාරයක්..
ඒ වගේම තැල් කොළ ගර්භනී කාන්තාවන්ට බොහොම හොද ආහාරයක්.. වමන ,ඔක්කාරය පවතින කාලයේ තැල් කොළ ඇඹුල ආහාර රුචිය වැඩි කරනවා වගේම දරු ගැබට හිතකර ආහාරයක්.. වගේම ලේ වඩන ,තනකිරි වඩවන පෝෂණය අතින් ඉහළ ආහාරයක් කියලා කියන්න පුළුවන්.. වාතය,පිත,සෙම තුනම නසන ගුණ තියෙනවා කියලා කියන්න පුලුවන් .
ආයුර්වේද නිශ්පාදන බොහොමයකට රස තැල් හෙවත් තැල් කොළ සහමුලින් ඒ කියන්නෙ සම්පූර්ණ ගසම යොදා ගන්නවා .අපි කාන්තා රෝග සදහා භාවිතා කරන ප්‍රධානම ඖෂධයක් වන ලක්ෂමණාරිෂ්ටය සදහා යොදා ගන්නා ප්‍රධාන
ඖෂධය වෙන්නෙ තැල් කොළ.. ඒ වගේම සෙම් රෝග සදහා යොදා ගන්නා බටු තෙල් නිෂ්පාදනය කිරීමේදී අනිවාර්යයෙන් රස තැල් යොදා ගන්නවා.. සෙම් නසන ගුණයෙන් ඉහළ නිසා කල් පවතින කැස්ස ආදිය සමනය වෙනවා..
- ඉතින් තැල් කොළ කියන්නෙ ගොඩක් ගුණ කෑමක් කියලා හැමෝටම පැහැදිලි වෙන්න ඇති.. වස විෂත් ගොඩක් අඩු ආහාරයක්නිසා ආහාර වේලට එකතු කරගත යුතුම ආහාරයක් කියලා මම නම් කියන්නෙ.. සමහර ගම්බද අයත් දැන් පොශ්වෙලා තැල් කොළ වගේ දේවල් අදුරන් නෑ.. ගොයම් කැපුවාම පොඩි වැස්සක් ගියාට පස්සෙ බලන්න ඉපනැල්ලට උඩ්න් වැවෙනවා...
Countdown Timer
120 seconds remaining
Comments
Post a Comment