හිතනවාට වඩා කරදරයක් වෙන ඒ රෝගයට මෙන්න ගෙදරදීම පිළියම්..


 බැක්ටීරියා සහ වෛරස් ආසාදන වීමෙන් ඇතැම් වෙලාවට උගුර ආසාදන වෙන්න පුළුවන්..


එවිට දැනෙන අපහසුතාව අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ නේ.. 

- උගුරේ සීරීම්.
- ඉතා වේදනාකාරී උගුර.
- ජලය පවා ගිලීමේ අපහසුතාව.
- කැස්ස
- ගෙල දෙපස ඉදිමුණු ග්‍රන්ථි
- නාසයෙන් ගලා යාම, උණ, වමනය, හිසරදය සහ කිවිසුම් යාම ආදී දේ නිසා ඔබත් සමහරවිට මේ වගේ කරදරයට පත්වෙලා ඇති.. උගුරේ ඇති වෙන සුළු අපහසුතාවලට නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවාට වඩා නිවසේදීම මේ වගේ පාන සකසාගෙන ඒවා පානය කිරීමෙන් රෝග සුවපත් කරගැනීම වටිනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ පහසුවෙන් සකසාගත හැකි පාන වර්ග කිහිපයක්..

1. ලුණු වතුරෙන් උගුර සේදීම

මේක අපි ගොඩක් පොඩි කාලේ පටන් අපේ අම්මලා අපිට උගුරේ අමාරුවක් හැදුනම කරන දෙයක්. හැබැයි මේ ලුණු වතුරෙන් උගුර සේදීම ටිකක් විතර පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්. වැඩිපුර රස්නෙ වතුර භාවිතය ව​ගේම වැඩිපුර ලුණු භාවිතයෙනුත් වැළකිලා අවශ්‍ය පමණට තමයි මේ ලුණු වතුර මිශ්‍රණය හදාගන්න ඕනෙ. මිලි ලීටර් 250ක මද රස්නෙ වතුරවලට ලුණු කුඩු තේ හැඳි කාලක් හෝ භාගයක් විතර මිශ්‍ර කරගැනීම තමයි වඩාත්ම සුදුසු පදම වෙන්නේ. ඒ වගේම උගුර සේදීමත් බො​හොම මෘදුව තමයි කරන්න ඕනේ.

2. මිංචි කොළ පානය

මේකත් බොහොම හොඳ ප්‍රතිකාරයක්. කරන්න ඕනෙ මෙච්චරයි, උණු වතුර කෝප්පයකට මිංචි කොළ ටිකක් දාන්න. ඉන් පස්සේ ඒකට මී පැණි තේ හැන්දකුත් එකතු කරන්න. ඉන් පස්සේ මේක පානය කරන්න තමයි තියෙන්නේ. මිංචි කොළ මගින් උගුරේ වේදනාව සමනය කරනවා වගේම උගුරේ ඉදිමුම් තත්ත්වයනුත් නැති කරල දානව.

3. උළුහාල් ප්‍රතිකාරය

මේකත් උගුර සේදීමේ ක්‍රමයක්. උගුරේ අමාරුවට වගේම කැස්ස​ට උගුර තුවාල වීම නිසා හටගන්නා උගුරේ වේදනාවටත් මේ උළුහාල් ප්‍රතිකාරය ගුණ දෙනවා. උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් විතර කාලයක් තම්බා ගන්න. ඉන් පස්සේ මේ මිශ්‍රණය උගුර හෝදන්න සුදුසු උණුසුමට එනකම් මද වේලාවක් නිවෙන්න තියලා උගුර සෙමින් සෝදන්න. උගු​රේ වේදනාවන්ට සහනයක් ලැබේවි.

4. වැල්මී

වැල්මී කියන්නේ උගුරේ ආසාදන සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳම ස්වභාවික ඔසුවක්. වැල්මීවල පවතින රසායනයන් උගුරේ ඇතිවන ඉදිමුම් වේදනාවන් සමනය කරන්න වගේම සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන කැස්ස අඩු කරන්නටත් උපකාරී වෙනවා. පිරිසිදු කරගත් වැල් මී කැබැල්ලක් සැපීම, උණු වතුරෙන් තම්බා පානය කිරීම වගේම වැල් මී කුඩු කරලා කහට තේ සමග පානය කිරීමත් උගුරේ අමාරු වෙලාවකදි ගුණ දෙනවා.

5. මීපැණි

ස්වභාවික විෂබීජ නාෂකයක් වන මීපැණි වලින් ලැබෙන ගුණ මෙතෙකැයි කියලා නිම කරන්න බැරි තරම්. උගුරේ ආසාදන වලටත් මේ ස්වභාවික ඔසුව බො​හොම ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ උණු වතුර කෝප්පයකට මී පැණි තේ හැඳි 2ක් සහ දෙහි ඉස්ම තේ හැන්දක් මිශ්‍ර කරලා පානය කරන එක විතරයි. ඉක්මනින්ම හොඳ සහනයක් ලැබේවි.

6. ඉඟුරු

උගුර අමාරු වෙලාවකට සහ සෙම්ප්‍රතිශ්‍යාව තියෙන වෙලාවකට ඉඟුරු මිශ්‍ර කරපු උණුසුම් ප්ලේන් ටී එකක් කියන්නේ දිව්‍යමය සහනයක් ලබා දෙන පානයක්. මීට අමතර​ව ඔයාට පුළුවන් අපි කලින් කියපු මී පැණි සහ දෙහි යුෂ මිශ්‍රණයට තලාගත් ඉඟුරු කැබැල්ලකුත් එකතු කරලා මද රස්නයෙන් පානය කරන්න.

7. කරාබු නැටි

කරාබුනැටි මගින් දන්ත සෞඛ්‍යයට වගේම මුඛ සෞඛ්‍යයටත් ලැබෙන වාසි ගැන අපි ලිපි කීපයකින්ම ඔබට කියල තියනවා. කරාබු නැටි 7ක් 8ක් විතර තලාගෙන, ඒවා උණුවතුර කෝප්පයකට දමා විනාඩි 5ක් විතර වහල තියන්න. ඉන් පස්සේ මේ වතුර ටික පානය කරන්න තමයි තියෙන්නේ. උගුරේ අමාරුවට සහනයක් ලැබේවි.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Countdown Timer

Countdown Timer

50 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...