ඔබේ නියපොත්තටත් මෙහෙම දෙයක් වුණොත්, පාදයේ ලස්සන ගැන සැලකිලිමත් වෙන ඔබට විශේෂයි..


 මේ කියන්න යන්නේ තවත් ඔබේ ලස්සන වැඩි කරගන්න වැදගත් වෙන කතාවක්..


කාන්තා පිරිමි දෙපිරිසම තමන්ගේ නියපෙළ ගැන ගොඩක් සැලකිලිමත්.. 


නියපොතු කියන්නේ අපේ හිසකෙස්, සම වගේම අපේ පිරිසිදුකම, පෞරුෂ්‍යත්වය බාහිරයට පෙන්වන වැදගත් කොටසක්..


ඒ නියපොත්තට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ රෝගාබාධවලට ලක්වීමට සිදුවෙනවා.. නියපොත්තකට මෙහෙම ගැටළුවක් ආවම පහත රෝග ලක්ෂණවලින් ඒවා හඳුනගන්න පුළුවන්..


රෝග ලක්ෂණ


- නියපොත්තේ කොටසක් හෝ මුළු නියපොත්තම සුදු පැහැ වීම

- දිරීම් ලකුණු පෙන්වමින් කොන්වලින් කැඩී යාම

- නිය මුල රතු පැහැ වීම

- නිය මුල සම සිනිදු වීම

- ඉදිමීම හෝ ඇඟිලි අග දැවිල්ල

- නිය මල අසල සැරව සහිත වීම

- නිය පොතු අවපැහැ ගැනීම

- ඇඟිලි අග නියපොත්තේ දෙපැත්ත කළු වීම

- අධික වේදනාවක් ඇති වීම

- ඇඟිලි තුඩු ඇදුම්කන ස්වභාවය


මේ සඳහා පහත සඳහන් බොහෝ හේතු බලපාන්න පුළුවන්.

- සිරුරේ කැල්සියම් ඌණතාවය

- නිය අලංකරණය කටයුතු වලදී නියපොතු අග අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීම

- සබන් වර්ග වලින් නිතර නිතර අත් පා සේදීම

- නිය අලංකරණ ද්‍රව්‍ය, නිය ආලේපණ ඉවත් කරන දියර දිනපතා හෝ අධික ලෙස භාවිතා කිරීම

- නිය පොතු කැපීමේදී නිය මල ආශ්‍රිත තුවාල වීම

- සිරුරේ උෂ්ණ රෝග


ඉතින් මෙවැනි තත්වයක් ඇති වුන විටකදී ඔබ සුදුසුකම්ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුයි.. එවැනි පලපුරුදු දක්ෂ වෛද්‍යවරයකුට ඔබගේ ගැටළුව වගේම එයට අවශ්‍ය පිළිතුරුත් ඉක්මනින්ම හඳුනාගන්න පුළුවන්..


නියපිරිත්ත/නියබිරිත්ත කෑම කියන ගැටළුව බොහෝ දෙනෙකු නිතරම පාහේ මුහුණ දෙන ගැටළුවක්.. මෙවන් තත්වයකදී නියපොතු අග ඉදිමී, පැසවා එහි ස්‍රාවයන් එළියට ගලන අවස්ථා එදිනෙදා ජීවිතයේ අපි ඕනෑතරම් දැක තිබෙනවා..


මෙවන් තත්වයකදි බොහෝ දෙනා වේදනාවෙන් දුක් විඳ විඳ ඉන්නේ ඒ සඳහා නිවසේදී පහසුවෙන් සිදුකරගත හැකි ප්‍රතිකර්ම ගැන නොදන්නාකම නිසයි.. ඒ නිසා මෙන්න මේ විදිහට නියපිරිත්ත කෑම නම් වූ රෝගී අවස්ථාවේදී පහත සඳහන් අත් බෙහෙත් මඟින් ඔබට එය පහසුවෙන් සුවකරගත හැකියි..


මෙවැනි අවස්ථාවකදී ප්‍රතිකාර කිරීමට පෙර ආසාදනයට ලක්වූ නියපොතු සහ ඇඟිලි පවිත්‍ර කර ගැනීම සිදුකළ යුත්තක්.. ඒ සඳහා ඔබට විවිධ ක්‍රම අනුගමනය කළ හැකියි.. පහත සඳහන් කර ඇත්තේ ඔබට පහසුවෙන් පිළියෙල කරගත හැකි එවන් ඔසු දියරයක්.. එම ඔසු දියරයෙන් ඇඟිලි සේදීම හෝ එම ඔසු දියර තුළ සුළු මොහොතක් ඇඟිලි බහා තැබීමෙන් ඔබේ නියපොතු සහ ඇඟිලි පිරිසිදු කරගත හැකියි..


විෂබීජ නාශක ඔසු දියරය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය

- පින්න කොළ

- අරත්ත කොළ

- නිදිකුම්බා කොළ

- කහ කොළ

මේවා සියල්ල සම ප්‍රමාණයෙන් ගෙන හොඳින් තම්බා එම ජලයෙන් නියපොතු හා ඇඟිලි සෝදන්න. ඉන්පසුව පහත සඳහන් සුදුසු අත්බෙහෙතක් සිදුකරන්න.

මීට අමතරව,

වෙනිවැල්ගැට තැම්බූ වතුර, අමු කහ වෙනිවැල්ගැට තැම්බූ වතුර ආදියෙන්ද ආසාදිත අත් පා සේදිය හැකියි.


නියපිරිත්තට සිදුකළ හැකි අත්බෙහෙත්

- ඇඹුල් කෙසෙල් ගසේ දළු හා කැපුම්කීරිය කොළ (දඬු සමඟ ගන්න) එකට දමා හොඳින් කොටා මලවා දිනකට දෙවරක් එම ආසාදිත නියපොත්තෙහි බඳින්න. මෙය මලවන්නේ නැතිව බඳින්නේ නම් දිනකට එක වතාවක් බැඳීම ප්‍රමාණවත් වේ.

- කවඩි පුළුස්සා ගත් අළු හිරියල් සමඟ අනා ආලේප කරන්න.

- හීන්ගෙඳ කොළ, ඉඳුණු කෙසෙල්ගෙඩි සමඟ අඹරා ආලේප කරන්න.

- හිරිගල් වරා කිරෙන් අඹරා ආලේප කරන්න.

- ගම්මිරිස් එම මුල්, කහ, ලුණු, අබ කොටා මලවා බඳින්න.

- හකුරු වල්ලා දළු, ඉල්ල දළු, පුපුල දළු, පොල් හුණු කොටා මලවා බඳින්න.

- දිය කිරිල්ල කොළ, පොතු කොටා මලවා බඳින්න.

- දේශීය ඖෂධ අලෙවිසැලකින් "කුණඛා ලේපය" මිලදී ගෙන ආලේප කරන්න.

- දෙහි දලු, අමු කහ, උඳුපියලිය සමවගෙන සිහින්ව අඹරා ගන්න. එය රාත්‍රියට රෝගී නියපොත්තේ ගා බුලත් කොළයකින් වසා රැයක් තිබෙන්නට තබා පසු දින උදෑසන නියපොත්ත සෝදන්න. නොකඩවා මෙම ප්‍රතිකාරය දින 21 ක් මෙම ප්‍රතිකර්මය සිදුකරන්න.

අන්තර්ජාලය ඇසුරෙන්..

Countdown Timer

Countdown Timer

50 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...