දෙවියන් දුන් සුදුළුණුවල විශ්මිත බලය... ආහාරයට ගත්තොත් දැනෙන ප්‍රතිඵල හිතා ගන්න බැරිවෙයි ...


 සුදුළුණු කියන්නේ පුදුම වටින ඔසුවකට... ඉතිං අද මේ  ලිපිය සුදුළුණුවල විශ්මිත ගුණ ගැනයි...  


දේව යුගයේ සුරයින් හා අසුරන් අතර සටනක් තිබුණා.මේ සටනේදී යක්ෂයා පැරදුනා.දෙවියන් ජයගත්තා.මේ සුර අසුර යුද්ධයේදී සුරයන්ගේ මුවින් සුදුළූණු ගිලිහුණු බවයි වෙද පොත් වල සටහන් කරලා තියෙන්නේ.

මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් සුදුළූණු යනු දෙවියන්ගෙන් ලද කෑමක් බව විශ්වාස කරන්න පුළුවන්.පුරාණ අධිරාජ්‍යයාගේ ශක්තිජනක කාන්තිමත් ශරීරවල රහස සුදුළූණු බවයි අතීත පුරාවෘත්ත වල තියෙන්නේ.පසුකාලයේදී දෙවියන් ලෙසින් ජනතාව අතර ප්‍රකට වුණේ මේ කාන්තිමත් රජවරු තමයි.

මොනවද මේ සුදුළූණු

සුදුළූණු කියන්නේ මොනවද කියලා අමුතුවෙන් හදුන්වාදන්න තරම් දෙයක් නෑ. මොකද ඉවුම් පිහුම් කටයුතු වලදි අපිට නැතුවම බැරි දෙයක් තමයි සුදුළූණු කියන්නෙ.

මේකට හේතුව තමයි සුදුළූණු වල තියෙන ආවේණික රස සහ සුවද. ඉවුම් පිහුම් කටයුතු වලට අමතරව ඈත අතීතයේ පටන්ම ඊජිප්තුවරු, බැබිලෝනියානුවන්, ග්‍රීක, රෝම වැසියන් වගේම චීන්නුත් සුදුළූණු ඖෂධයක් විදිහට පාවිච්චි කරලා තියෙන බවට සාක්ෂි තියෙනවා.

සුදුළූණු බික්කක් තැලුවම, පොඩි කරාම එහෙමත් නැත්තම් හැපුවොත් එහි අඩංගු සල්ෆර් සංයෝග නිදහස් වෙනවා. මෙන්න මේ හේතුව නිසා සුදුළූණු වල ඖෂධීය වටිනාකම ඉතාම ඉහළයි.සුදුළූණු වල අඩංගු කැලරි ප්‍රමාණය ඉතාම අඩුයි.

නමුත් එහි විටමින් C හා විටමින් B6 සහ Mn සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මීට අමතරව අනෙකුත් පෝෂ්‍ය සංඝටක අංශුමාත්‍රව සුදුළූණු වල අඩංගුයි.

දෙවියන් දුන් සුදුළුණු වල විශ්මිත බලය..ආහාරයට ගත්තොත් දැනෙන ප්‍රතිඵල හිතා ගන්න බැරිවෙයි | Nutrition Of Garlic

සුදුළූණු වල ගුණ

ප්‍රතිශක්තිය වර්ධනයට -: නිතර සුදුළූණු ආහාරයට ගැනීමෙන් අපේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය දියුණු වෙනවා.එමගින් උණ හා සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව බොහෝ විට මගහරවා ගන්න පුලුවන්.

අධි රුධිර පිඩනයට -: අධි රුධිර පීඩන තත්ත්වයන් අඩුකර හෘදයාබාධ හා ආඝාතය රෝග වලට ඇති අවධානම අඩුකිරීමට විශේෂ හැකියාවක් සුදුළූණු වලට තියෙනවා.

අධික කොලෙස්ටරෝල් -: අධික කොලෙස්ටරෝල් තත්ත්වයන් විශේෂයෙන් අධික LDL තත්ත්වයන් හෘදයාබාධ සදහා තවත් ප්‍රධාන හේතුවක්. රුධිරගත LDL ප්‍රමාණය අඩුකිරීම මගිනුත් හෘදයාබාධ අවධානම අඩුකිරීමට සුදුළූණු සමත් වෙනවා.

දෙවියන් දුන් සුදුළුණු වල විශ්මිත බලය..ආහාරයට ගත්තොත් දැනෙන ප්‍රතිඵල හිතා ගන්න බැරිවෙයි | Nutrition Of Garlic

තරුණ බවට -: සුදුළූණු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් වයස්ගත වීම ප්‍රමාදවන අතර ඇතැම් මොළයේ රෝග සදහා වන අවධානමද අඩු කරනවා.සුදුළූණු වල අඩංගු සල්ෆර් සහිත් සංයෝග මගින් අපේ ශරීරයට බැරලෝහ වලින් සිදුවන හානියද අවම කරනවා.

කාන්තාවන්ට -: සුදුළූණු මගින් කාන්තාවන්ගෙ ඊස්ට්‍රජන් මට්ටම වැඩිකිරීම මගින් ඔවුන්ගේ අස්ථිවල සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමෙන් පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා.

කන්න හොදම කොහොමද ?
සුදුළූණු ආහාරයට ගන්නට ඇති හොඳම ක්‍රමය එය රෝස්ට් කර ආහාරයට ගැනීමයි. අපි දැන් බලමු කොහොමද සුදුළූණු රොස්ට් කරන්නේ කියලා . මුලින්ම aluminum foil කැබැල්ලක් ගන්න. එය සුපර්මාකට්වල තිබෙනවා.මේ foil කැබැල්ලට සුදුළූණු බික් 10ක් පමණ දමන්න. හොඳින් වසන්න.

සුදුළූණු මැදි කර එක ගුලියක් සේ හදා ගන්න. දැන් එය අවන් එකට හෝ දර පෝරණුවකට හෝ ගෑස් ලිපේ බර්නර් එක මත තබා විනාඩි 8ක් පමණ රෝස් කරන්න. පසුව එය නිවෙන්නට තබා සුදු ළූණු බික් ගලවා ගෙන එය කෑමට ගන්න. සුදුළූණු අනුභව කර පැයක් යාමට මත්තෙන් එහි විශ්මිත ගුණය ශරීරයට ලැබෙනවා.

ඒ වගේම ශරීරයේ ඇති හොඳ කොලස්ට්‍රෝල් මට්ටම වැඩි කර නරක කොලෙස්ටොල් මට්ටම අඩු කරන්න සුදුළූණු වලට තියෙන්නේ පුදුම හැකියාවක්. මේ හේතුව නිසාම අද බටහිර ලෝකයේ පවා සුදුළූණු පෙති (garlic tablet) දිනපතාම ගන්න මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා.

සුදුළූණු වල විශ්මිත ගුණ සිරුරට ලැබෙන හැටි

පළමු පැය තුළදී ම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.

දෙවැනි පැය තුල සුදුළූණු වල ඇති ඉතාම දුර්ලභ රසායනිකයන් ලේ වලට මුසු වෙනවා. ඒවා රුධිර ධමනි වල හිර අධික තෙල් සහිත කැටි සොයාගෙන ගොස් ඒවා දිය කර හරිනවා.

සුදුළූණු ආහාරයට ගෙන පැය දෙක තුනක් යද්දි ම ඒවා බඩවල් මත ක්‍රියාත්මක වී ඔබේ මලපහ පිටකිරීමේ සහ මුත්‍රා පිට කිරීමේ අපහසුතා අවම කරනවා.

එසේම පැය දෙක තුනක් තුළ ශරීරය ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. ඒ නිසාම රෝස්ට් කළ සුදුලූනු ආහාරයට ගන්නා අයට ඉක්මනින් ලෙඩ දුක් හැදෙන්නේ නැත්තේ ඒකයි. ඉන් ශරීරයට පුදුමාකාර ප්‍රතිශක්තියක් ලබා දෙනවා.

චින සුදුළූණු ටිප්ස්

ආහාරයට ගෙන පැය කිහිපයක් තුළ දී මේ තරම් විශ්මිත ලෙස ශරීරයට සෙත සදන තවත් කෑමක් තිබෙනවාද කියලත් සැකයි. අධික රතු මස් වැඩිපුර ආහාරයට ගන්නා චීන ජාතිකයින් තම කෑමට අධික ලෙස සුදුළූණු දමන්නේ එම අධික මස් වල ඇති තෙල් නිසා ශරීරයට ඇතිවන නරක අවම කරන්නයි.ඇත්තටම එය එසේ වනවා.කෑමත් සමගම සුදුළූණු ගැනීම ඉතා ම ඵලදායක බවයි ආයුර්වේදයේ කියන්නේ.

සුදුළූණු වල ඇති රසායනිකයන් නිසා ඒ කෑමට ගත් පසුව දහඩිය සමඟ එම රසායනික තෙල පිටවෙනවා. සමත් රුධිරයත් පිරිසුදු වන්නේ මේ හේතුව නිසයි. නමුත් ඒ නිසාම සුදුළූණු සුවඳක් නිතරම ශරීරයෙන් එන්න ගන්නවා. බොහෝ දෙනා එයට අකැමැතියී. නමුත් රෝස්ට් කළ සුදුළූණු වලින් එහෙම සුවඳ එන්නේ අඩුවෙන්.

ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව රොස්ට් කළ සුදුළූණු ඔබට ආහාරයට එකතු කරගන්න පුළුවන් . අදින් පසුව කෑමට ගන්නා හැම විටකම රෝස්ට් කළ සුදුළූණු බික් දෙක තුනක් හෝ කෑමට ගන්න. හය හතක් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.විශේෂයෙන් හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නිසි පරිද්දෙන් සිදුවීම, උදරාබාධ සුව වීම සහ ආසාත්මිකතා සුවකර ගැනීමට ඉන් හැකි වෙනවා.

රුධිර ගමනය හොඳින් සිදුවීමට සුදුළූණු ආහාරයට ගැනීම ඉතාම වැදගත්. ඉන් සම නිරෝගිමත් වනවා. එසේම අලුත් දරු උපතක් සිදු කළ මවකට සුදුළූණු ගම්මිරිස් මිශ්‍ර හොද්දක් පානයට ලබාදීම දේශීය වෙදකමේ ඇති සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් අධිකව සුදුළූණු ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. දිනපතා අධික සුදුළූණු ප්‍රමාණයක් ආහාරයට ගැනීම නිසා අධික හිසරදය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම, මස්පිඩු හැකිළීම ආදී අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්...

උපුටාගැනීමක්...  
Countdown Timer

Countdown Timer

80 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...