Posts

Showing posts from May, 2025

කෝප්ප කොළ ගැන ඔයාලා දන්නවද? විශ්මිත ගුණ දැන ගත්තොත් ඔබ පුදුම වෙයි...

Image
  කෝප්ප කොළ කිවුවට කවුරුත් වැඩිය දන්නේ නැතුව ඇති. හැබැයි ගමේ රසට කන ගුනදායී මැල්ලුමක් තමයි කෝප්ප කොල මැල්ලුම කියන්නේ. ඔය ගමේ ගොඩේ වැටවල් අද්දර මේ කෝප්ප කොල ගස් දැක ගන්න පුළුවන්. අතීතයේ පටන්ම අපේ මුතුන් මිත්තන් කෝප්ප කොළ කලවම් පළා මැල්ලුමට එකතු කර ගෙන තිබේ. මෙම පත්‍ර කෝප්පයක හැඩයෙන් යුතු වන හෙයින් කෝප්ප කොළ යනුවෙන් හදුන්වන අතර අදවන විට මෙය ආහාරයට ගැනීමට වඩා වගා කරනු ලබන්නේ විසිතුරු ශාකයක් ලෙසයි. කෙසේ නමුදු ගුණ දන්නො මෙහි කොළ කලවම් පළා මැල්ලුමක් ලෙස මෙන්ම රසවත් සම්බෝලයක් ලෙසද ආහාරයට එකතු කර ගනී. කෝප්ප ශාකයේ කොළවල පැහැය අනුව ප්‍රභේද දෙකක් දක්නට ලැබේ. 1.සුදු පාට පුල්ලි වැටුනු පත්‍ර දරන කෝප්ප ශාකය 2.කොළ පැහැති පත්‍ර දරන කෝප්ප ශාකය බොහෝ විට ආහාරයට ගනු ලබන්නේ කොළ පැහැති කෝප්ප කොළය. කෝප්ප කොළවල ඖෂධීය භාවිතය පාචනය සමනය කරයි මළබද්ධය සමනය කරයි මුත්‍ර රෝග සුව කරයි. මුඛයේ ආසාදන සමනය කරයි. ඇස් පෙනීම වර්ධනය කිරීමට මෙන්ම අක්ෂි රෝග සමනය කරයි. නීරක්තිය සමනය කරයි. මව් කිරි වඩයි. අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වයි. කෙස් වර්ධනය කරයි. කෝප්ප කොළ සම්බෝලය සකස් කරගන්නා ආකාරය. ▪️ලියලා ගත් කෝප්ප කොළ මිටක් ▪️ලියලා ...

ශරීරයේ එකතු වී ඇති විෂ හරණය කර ශරීරය පිරිසිදු කරන්නේ මෙහෙමයි!

Image
  අපි කාට උනත් පොදුවේ එකඟ වෙන්න පුළුවන් කාරණයක් තමයි දුම්බීම සෞඛ්‍ය ගැටලු රාශියකට අත වනනවා කියන එක. හැබැයි දුම්බීම කොච්චර ඇබ්බැහි වෙන සුළු දෙයක් උනත්, නීතියෙන් තහනම් නැහැ. හැබැයි දුම්බීම නිසා සෘජුවම හෝ වක්‍රව අපේ ශරීරයේ තියෙනවා කියන එක අපිට පිළිගන්න වෙනවා.   දුම් බීම හෝ නොබීම පුද්ගලික තීරණයක් වුණත්, දුම්බීම නවත්තන්නට තීරණය කළ කෙනෙක්ට එන ගැටලුවක් තමයි, දුම්බීම න බීම නිසා ශරීරයට සිදුවෙලා තියෙන හානිය කොහොමද හරවන්නෙ, කොහොමද දුම් බීමෙන් ශරීරයේ එකතු වෙලා තියෙන විෂහරණය කරන්නේ කියන එක. ඇත්තටම වෛද්‍යවරු කියන විදියට, ඔබ දුම් බීම නතර කරන මොහොතේ සිටම ශරීරයට සිද්ධ වෙලා තියෙන හානියෙන් ශරීරය ප්‍රකෘතිමත් වෙන්න පටන් ගන්නවා. හැබැයි එහෙම වුණත් දුම්බීම නැවැත්වූවාට පසු, ශරීරය විෂහරණය කරන්නට, නැතිනම් detoxify කරන්නට ක්‍රම සහ විධි තියෙනවා. මේ කියන්න යන්නේ ඒ ගැන.   01. ඇති තරම් වතුර බොන්න Tips to detox your body from smoking    අපේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය සහ අහිතකර රසායන ද්‍රව්‍ය සෝදා හරින්නට වතුර වලට පුළුවන්. ඒ නිසා, පුළුවන් තරම් වතුර බොන එක, ඒ කියන්නේ දවසකට වතුර වීදුරු 12 ක්, ඒ කිය...

නීරෝගී ඝනකම් කෙස් කළඹක් ඔබට ලබාදෙන තෙල් වර්ග

Image
  ඝනකම් නීරෝගී කොණ්ඩයක් කියන්නේ ගැහැනු ළමයින්ගේ සිහිනයක්. නීරෝගි කෙස් වැටියක් ලබා ගන්න කරන්න පුලුවන් සත්කාර කිහිපයක් අපි මීට පෙර ඔබ එක්ක බෙදා ගත්තා මතක ඇති. මේ ලිපියෙන් කියන්නේ ඔබට නීරෝගි කෙස් වැටියක් ලබා ගන්න පාවිච්චි කරන්න පුලුවන් තෙල් වර්ග කිහිපයක් ගැනයි.කොණ්ඩයට හොඳින් තෙල් දැමීම, රාත්‍රියක් පුරා තෙල් ගල්වා තැබීම වගේ දේවල් ඔබේ අම්මා, අත්තම්මා කළා මතක ඇති නේද? එය බොරු වැඩක් නම් නෙවෙයි.හොඳ නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න ඉතා හොඳින් උදව් වෙන දෙයක්. ඉතින් මේ කියන්නේ කොණ්ඩයට ඉතා ගුණදායක තෙල් වර්ග කිහිපයක් ගැන. පොල්තෙල් පොල් තෙල් ඇත්තටම අපට නුපුරුදු තෙල් වර්ගයක් නෙවෙයි. හිස් කබලට සහ කෙස් වැටියට පොල් තෙල් වලින් වාසි රැසක් අත් වෙනවා. කොණ්ඩයේ පෝෂනයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් , විටමින් සහ ඛනිජ වර්ග පොල්තෙල් වල අඩංගුයි. කොණ්ඩය නිරෝගී කිරීම මෘදු සහ අලංකාර කිරීම කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කිරීම හිස් කබල නීරෝගී කිරීම පොල් තෙල් වලින් ඉටු වෙනවා. පොල්තෙල් හිස ගල්වන විට මඳක් රත් කර නිවෙන්නට හැර ආලේප කිරීම ඉතා සුදුසුයි. රත් කිරීමේ දී කරපිංචා කොළ යෙදීම ද වැඩි ප්‍රතිඵල ලබා දෙන්නක්. Argan oil කොන්ඩය වර්ණ ගන්ව...

මැස්සන් නිසා කරදරයිද ? මෙන්න සුපිරි විසදුම් ටිකක්

Image
  මැස්සන් කියන්නේ පුදුම වදයක්නේ...  පිරිසිදුකමට මුල් තැන දෙන අයට තිබෙන ලොකුම ගැටලුවක් තමයි මැස්සෝ... ඉතිං මැස්සන් කියන්නේ හරිම කරදරයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.නමුත් රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් මැස්සන් පාලනය සෞඛ්‍යමත් නැහැ.ඉතින් මෙන්න මේ ක්‍රම අනුගමනය කළොත් ඇත්තටම මැසි උවදුර පාලනය කර ගන්නට පුළුවන්. කුණු ආවරණය කිරීම. කුණු ඉවත් කිරීම කොහොඹ කොල දුම ඇල්ලීම ගම්මිරිස් දියර ඉසීම කුඩු උණු වතුරේ දියකර ස්ප්‍රේ කිරීම. පැගිරි තෙල් ඉසීම හෝ පහනක් දැල්වීම. වොඩ්කා සහ කෝමාරිකා වලින්- කෝමාරිකා පත්‍රයකට වොඩ්කා දමන්න. එම සාරය කපු රෙද්දකට ගෙන නිවසේ තැනින් තැන තබන්න. කරාබු නැටි ගැසූ ලෙමන් නිවසේ තැනින් තැන මෙන්ම කෑම මේසය මත තබන්න . දිලිසෙන දේ එල්ලා තැබීම-වතුර බෑග් ආදිය,පරන සීඩී තැටි,සැමන් ටින් තහඩු... මැස්සන් විකර්ශක පැලෑටි-දාස් පෙතියා,මින්ට්,ලැවෙන්ඩර්... බෝතල් උගුලක් -පුනීලයක් ලෙස බෝතලේ කට කපා ඇතුලට හරවන්න . මැස්සන් වසන ආහාරයක් බෝතලයට දමන්න... කරාබු නැටි සහ දෙහි කරාබුනැටි සැරට මැස්සන් අකමැත්තක් දක්වන අතර කරාබුනැටි සහ දෙහි එකට මිශ්‍ර වූ විට එය තවත් ප්‍රබල වෙනවා. දෙහි ගෙඩියක් හෝ කිහිපයක් ද...

අක්මාවේ මේදය තැන්පත් වීම වළක්වන හෙළ ඔසුවක්... මේක නම් පුදුමයක්..

Image
  වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන තවත් එක් එක් රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනා ගත හැකිය. එනම් අක්මාවේ මේදය තැන්පත් වීමට නොයෙක් හේතු බලපානු ලබන අතර එම හේතු ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකිය. 1. මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වීම. 2. මධ්‍යසාර භාවිතා කිරීමෙන් තොරව අක්මාවේ මේදය තැන්පත් වීම. මේ ආදී වශයෙන් ඛාණ්ඩ දෙකක් යටතේ අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු හඳුනා ගත හැකිය. එනම් මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එනම් මෙය වෛද්‍ය පරීක්ෂණවලින්ද අදවන විට තහවුරු වී තිබේ. එනම් මද්‍යසාර භාවිතා කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වී එය සිරෝසිස් රෝග තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. නමුදු මෙම රෝග තත්ත්වය සඳහා නියමිත ඖෂධ භාවිත කිරීම මඟින් එම රෝගය සුව කර ගැනීමට හැකියාව පවතී. ඊට අමතරව නොයෙක් ආහාර පරිභෝජනය කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එනම් විශේෂ කොට අහිතකර රසායනික සංයෝග අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් අක්මාව නිතර ක්‍රියාත්මකවේ. එනම් අක්මාව නිතර ක්‍රියාත්මක වීමෙන් ෆැට්ලීවර් රෝග තත...

සුදුළුෑණු කැබැල්ලක් ඔබ නිදාගන්නා කොට්ටය යටින් තබන්න... සිදුවන දේ මෙන්න...

Image
  සුදුළුණු වල තිබෙන වාසි රාශියක් නිසා නිතර අප සුදුලුනු ආහාර වලට එක්කර ගනු ලබනවා.  සුදු ළුණු මගින් සුවය ලබා දෙන ලෙඩ රෝග අතරේ විෂබීජ මර්ධනය කිරීම, ලේ පිරිසිදු කිරීම, හිසකෙස් වලට අවශ්‍ය පෝෂනය හා උන සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම වගේම අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීමද සිදුකරනු ලබනවා. අප පෙර සදහන් කර දේවල් ගැන බොහෝදෙනා දැන සිටියත් සුදුලුනු වලින් කරන්නට පුළුවන් කිසිවෙකු නොදන්නා දෙයක් තිබෙනවා. අතීතයේ ඊජිප්තු වැසියන් සුදු ළුණු බික් හැපීමට හුරුවී සිටි අතර තම වෙහෙසකර සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන දිගු කාලයක් ජිවත් වෙන්න අවශ්‍ය ශක්තිය සුදු ළුණු හැපීම මගින් ඔවුන් ලබා ගෙන තිබෙනවා. සුදු ළුණු වල තිඛෙන ඉතා වැදගත් පෝෂණ සංගටකයක් ඇලිසින් ලෙස හදුන්වනු ලබනවා. මෙම සංඝටකය සුදුළුණු තැලීම මගින් ලබාගත හැකි අතර සුදු ළුණු පිසීමේදී මේ ඇලිසින් විනාශවි යනවා. තලා ගත් සුදු ළුණු විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර ආහාරයට ගත් විට මෙම පෝෂණ සංඝටකය ඔබේ ශරීරයට ලබා ගැනීමට පුළුවන්. ලොව විවිධ රට වලට මිනිසුන් නින්දට යාමට පෙර සුදු ළුණු කැබැල්ලක් තම නිදන කොට්ටය යටින් තබා ගැනීමට පුරුදුවී සිටිනවා. මෙසේ සිදු කිරීම මගින් සුව බර නින...

මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර ගන්න.... නීරෝගී දිවියකට මෙම ලිපිය කියවන්න

Image
  නීරෝගී ජිවිතයක් අපි හැමෝගෙම සිහිනයක්... ඉතිං සුවෙන් ඉන්න කැමති ඔයාටයි මේ ලිපිය ....   ඔබ කිසි විටෙකත් නොසලකා හැරීය යුතු විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ කිහිපයකි මේ. විටමින් B12 ඌනතාවය ඇති වන්නේ සත්ත්ව ආහාර වලින් තොර සහ නිර්මාංශිකයින් පමණක් බව බොහෝ විට සිතන නමුත් මෙම වැදගත් පෝෂකයේ ඌනතාවයට පත් වීමට බොහෝ ක්රම තිබේ. විටමින් B12 ඌනතාවය DNA සෑදීමේ සහ අලුත්වැඩියා කිරීමේ හැකියාව අඩු කරයි, ඔබේ පිළිකා අවදානම වැඩි කරයි. විටමින් B12 ඔබේ නියුරෝන වටා ඇති මයිලින් කොපුවලට සහය වන අතර ඌනතාවය ස්නායු ආබාධ සහ රක්තහීනතාවයට(ලේ අඩු විමට) හේතු විය හැක. විටමින් B12 ඌනතාවයේ මුල් ලක්ෂණ සහ රෝග ලක්ෂණ වන්නේ තෙහෙට්ටුව, දුර්වලතාවය, සුදුමැලි සම ඇඟිලි තුඩු සහ ඇඟිලිවල හිරි වැටීමයි. අධික නිදිමත කාලයාගේ ඇවෑමෙන්, ඔබට පහත සඳහන් දෑ ඇතුළුව B12 ඌනතාවයේ තවත් රෝග ලක්ෂණ දැකිය හැක: • රතු, පාට, දිලිසෙන දිව •දිවේ දැවිල්ල •මුඛයේ තුවාල •ඔබ ඉක්මනින් නැගී සිටියහොත් ක්ලාන්තය •මතක තබා ගැනීමේ ගැටළු •කාංසාව •විෂාදය ඔබට දරුණු B12 ඌනතාවයක් තිබේ නම්, ඔබට ඇවිදීමේ ගැටළු, දැඩි මාංශ පේශි දුර්වලතා සහ මායාවන් සහ ව්යාකූලත්වය වැනි දරුණු ම...

සීනි තියෙන අය බය නැතුව රට ඉදි කන්න. දින තුනක් මේ දේවල් කරොත් සිදුවෙන දේ හිතාගන්න බැරි වෙයි.

Image
 රටඉඳි කියන්නේ පළතුරකට… හුඟාක් අය රටඉඳි කාලා තිබුණා වුණත් එයින් ලැබෙන ගුණ ගැන දන්නේ නැහැ… දිනකට රටඉඳි තුනක් ආහාරයට එකතු කර ගත්තොත් ඔබේ සෞඛ්‍ය හා ශක්ති මට්ටම්වල සැබෑ වෙනසක් ඇති කළ හැකි බව ඔබ දැන සිටියාද..? මෙම ස්වාභාවික සුපිරි ආහාරය ඔබේ දෛනික චර්යාවේ ස්ථානයක් ලැබිය යුත්තේ මන්දැයි අපි බලමු. 1. ඔබේ අතේ ඇති ස්වාභාවික බහු විටමින්. රටඉඳි තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ, කැල්සියම්, පොස්පරස් සහ විටමින් B6 වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත – මේ සියල්ල ඔබේ ශරීරය ශක්තිමත්, ජවසම්පන්න සහ සමබරව තබා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 2. ඔබේ ආහාර ජීර්ණය නිසි ලෙස පවත්වා ගනී. කෙඳි සහිත පොහොසත් අන්තර්ගතය නිසා, රටඉඳි මලබද්ධය වැළැක්වීමට, ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න බඩවැල් සඳහා සහාය වේ. සුමට ආහාර ජීර්ණ පද්ධතියක් යනු වඩා හොඳ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයක් සහ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සදහා නිදසුනකි. 3. හදවතේ හොඳම මිතුරා. රටඉඳි වල පොටෑසියම් සහ මැග්නීසියම් වැනි හදවතට හිතකර ඛනිජ අඩංගු වන අතර එය රුධිර පීඩනය නියාමනය කිරීමට සහ හදවත ආරක්ෂා කිරීමට උපකාරී වේ. ඊට අමතරව, ඒවායේ ප්‍...

කොලෙස්ටරෝල් වලට බය වුනු කාලේ ඉවරයි. මේ ගුලිය කෑවොත් කොලෙස්ටරෝල් හැදෙනවා බොරු…

Image
  සිරුරේ නීරෝගීතාවය ගැන අපි නිතර දෙවේලේ සැලකිලිමත් වෙන්න ඕන.. ඒත් සමහර අයගේ කෑම රටා ඇතුලෙ නම් ඒ ගැන සැලකිලිමත් වන බවක් දැක ගන්න ලැබෙන්නෙම නැහැ.. කොලෙස්ටරෝල්, මේ කාලයේ ගොඩක් දෙනෙක් කතාබහ වන රෝගයක්.. කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය ලෙස වැඩි වීම හෘදයාබාධ, ආඝාතය වැනි බොහෝ රෝගයන්ට හේතු පාදක වන බව අපි හැම කෙනෙක්ම දන්නවා.. ඉතින් ඔබත් නිතර නිතර ගැඹුරු තෙලේ බැදපු කෑම කනවා නම් චීස්, බටර්, මස් වර්ග නැතුවම බැරි අයෙක් නම් ඇඟත් හරියට වෙහෙසවන්නේ නැත්නම් ඇත්තටම ඔයා දැනටමත් ඉන්නේ ලොකු අවදානමක. කොලෙස්ටරෝල් මට්ටම වැඩි, නොවැඩි මේ හැම කෙනෙකුටම එකසේ භාවිතා කළ හැකි අපේ දේශීය වෙදකම, ආයුර්වේදය තුළ එන අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් හදාගන්න හැටියි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ. දැනටමත් ඔබ කොලෙස්ටරෝල් වලට ඖෂධ ලබාගන්නා අයෙක් නම් එම ප්‍රතිකාර සමඟ ද මෙම ඖෂධය කිසිම ගැටළුවකින් තොරව ලබාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.. ඒ විතරක් නෙවෙයි නිරෝගී ඔබත් මෙය කෑමට ගත්තොත් අනාගත‍යේ කොලෙස්ටරෝල් ඇතිවීමේ අවදානමින් පහසුවෙන් මිදී සිටිය හැකියි.. මෙය අපිට ආකාර දෙකකට පිළියෙල කරගත හැකියි. එම ක්‍රම දෙකම අපි මෙහි දක්වා තිබෙනවා. ඔබ කැමති එක් ආකාර...

අඩු වුණත් ලෙඩ දෙන වැඩි වුණත් ලෙඩ දෙන තයිරොක්සින්! වැඩි වුණොත් වෙනදේ මෙන්න...

Image
  අද කතා කරන්නේ තයිරොක්සින් ගැන... තයිරොයිඩ් ග්‍රන්ථිය අධික ලෙස තයිරොයිඩ් හෝමෝන නිපදවන විට හයිපර් තයිරොයිඩ්සම් යන තත්වය ඇතිවේ. මෙම තත්වයේදී ශරීරයේ පරිවෘත්තීය වේගවත් කරයි. එය බර අඩු වීම, අත් වෙව්ලීම සහ වේගවත් හෝ අක්‍රමවත් හෘද ස්පන්දනය වැනි බොහෝ රෝග ලක්ෂණ ඇති කළ හැකිය. රෝග ලක්ෂණ බර අඩු විම. වේගවත් හෘද ස්පන්දනය, (පපුව ගැහීම) අක්‍රමවත් හෘද ස්පන්දනය, කුසගින්න වැඩි වීම. තරහා යාම ,නුරුස්නා බව. වෙව්ලීම, සාමාන්‍යයෙන් අත් සහ ඇඟිලිවල කුඩා වෙව්ලීම. දාඩිය දැමීම වැඩි කම ඔසප් චක්‍රයේ වෙනස්කම්. රස්නය දරා ගැනීමට නොහැකී විම නිතර නිතර මලපහ කිරීම, විශාල වූ තයිරොයිඩ් ග්‍රන්ථිය, තෙහෙට්ටුව. මාංශ පේශි දුර්වලතාවය. නින්ද නොයාම. උණුසුම්, තෙතමනය සහිත සම. සම සිහින් වීම. සිහින්, කැඩෙනසුලු හිසකෙස්. රෝග විනිශ්චය රෝග විනිශ්චය කරන්නේ රුධිර පරීක්ෂණයක ප්‍රතිඵල මතයි. TSH (තයිරොයිඩ්-උත්තේජන හෝර්මෝනය) (T3) - ප්‍රධාන තයිරොයිඩ් හෝමෝන වලින් එකකි තයිරොක්සින් (T4) - තවත් ප්‍රධාන තයිරොයිඩ් හෝමෝනයකි අඩු TSH මට්ටමක් සහ T3 සහ/හෝ T4 ඉහළ මට්ටමක් මෙම රෝගය ඇති අයට ඇතී වේ වැඩිදුර පරීක්ෂණ ඔබේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ඉහළ මට්ටමක පවතී නම්,...